මහින්දගේ අලුත් ස්ථාවරය මෙන්න !

මහින්දගේ අලුත් ස්ථාවරය මෙන්න !

අයවැය පරාජයට පත් කිරීම සඳහා තමන්ට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් ඇති බවක් තම පාර්ශ්වය කිසිවිටක ප්‍රකාශ නොකළ බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසයි.

විපක්ෂ නායක මේ බව පැවසුවේ ඊයේ (07) කුරුණෑගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් ය .

තමන් සදහන් කර සිටියේ බහුතර බලයක් ලබා ගැනීමට උත්සාහ දරන බව පමණක් බවත් කෙසේවෙතත් අයවැයෙන් තුනෙන් එකක් පරාජය කිරීමට තමන්ට හැකි වූ බවත් ඔහු පවසා ඇත.

ඒ අනුව වැය ශීර්ෂ දෙකක් පරාජය කර ආණ්ඩුවට රතු එළියක් පෙන්වීමට තමන් සමත් වූ බවත් පැවසූ ඔහු අනතුරුව තම පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන්ද අදහස් දැක්වීය.

එහිදී ඔහු පවසා සිටියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් අපේක්ෂකයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ද සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත්ය.

ජනාධිපතිවරයා ඇතුළු සියළු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තමන් ඉදිරිපත් කරන්නේ දිනන අපේක්ෂකයා බවත් ඔහු පැවසීය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න