ගෝඨාභයට ඇමරිකානු අධිකරණයකින් සිතාසි : ජනාධිපති අපේක්ෂකත්වය හබක් !

ගෝඨාභයට ඇමරිකානු අධිකරණයකින් සිතාසි : ජනාධිපති අපේක්ෂකත්වය හබක් !

මේ වන විට ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙත එරට අධිකරණයක් විසින් සිතාසි නිකුත්කර ඇති බව විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දියනිය වන අහිංසා වික්‍රමතුංග මෙනවිය ගොනුකළ පෙත්සමකට අදාලවය.

ඇය එම පෙත්සම ගොනුකරමින් සදහන් කර ඇත්තේ සිය පියා වන මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ට ඇමරිකානු පුරවැසි ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ බව සදහන් කරමිනි.

ඒ අනුව අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස ගෝඨාභය රාජපක්ෂ වෙත සිතාසි නිකුත්කර ඇති අතර මෙම සිතාසිය ඔහුට ලබාදී ඇත්තේ කැලිෆෝනියාවේ Traders Joe's American Grocery Store නම් සුපිරි වෙළෙඳ සංකීර්ණයේදී ය.

ලැබී ඇති තොරතුරු අනුව ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ඇමරිකාවේ ගොස් සිටින්නේ ඔහුගේ මිතුරු සංජීව ගුණසේකර ගේ දියනියකගේ විවාහය ට සහභාගී වීම සදහාය.

IMG 20190408 090539

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න