පිළිකා ඖෂධ තවත් අඩුවෙන ලකුණු

පිළිකා ඖෂධ තවත් අඩුවෙන ලකුණු

සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් , වැඩි මිලට විකුණන ලද පිළිකා ඖෂධ කඩිනමින් මිල අඩු කිරීමට පිළිකා ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් සෞඛ්‍ය ,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට පොරොන්දු වී ඇත.

ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන පෙළේ ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන “Roche” ආයතනයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව දැනුම් දී ඇත.

තවද එම සමාගම විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට එරෙහිව නඩු පැවැරීම පිළිබඳව ද කණගාටුව පළ කර ඇත.

එම සමාගමේ මධ්‍යම නැගෙනහිර යුරෝපීයල තුර්කිල රුසියානුල ඉන්දියානු උප මහද්වීප කළාපයේ ප්‍රධානියා වන Adriano treveමහතා සහ බවර් සමාගමේ ඡ්‍යෙෂ්ඨ නියෝජිත වෛද්‍ය Toylan senel මහතා මෙම සාකච්ඡාවට සහභාගි විය.

එහිදී පුද්ගල කේන්ද්‍රීය ජාන ප්‍රතිකාර ක්‍රම පිළිබඳවත් පිළිකා ඖෂධ පිළිබඳවත් ගුණාත්මක වර්ධනයක් ඇති කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදි.

තරගකාරි මිල ගණන් යටතේ ඖෂධ ලබාදීමටත් හිමෝෆීලියා රෝගීන්ට අවශ්‍ය ඖෂධ නොමිලේ ලබාදීමටත් එම නියෝජිතයින් මෙහිදී එකග වී ඇත.

කෙසේ වුවද මෙම සමාගම විසින් 2015 වසරට පෙර පියයුරු පිළිකා ඖෂධයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අලෙවි කර තිබුනේ රුපියල් දෙලක්ෂ අසූපන්දහසකටය.

ඉන් පසු ආදේශයකයක් ලෙස රුසියාවෙන් ආනයනය කරන ලද ඖෂධයක් හදුන්වා දුන් අතර ඊට එරෙහිව මෙම සමාගම නඩු පවරන ලදී.

 එම නඩුවෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශය ජයගන්නා ලදී.

ඉන් පසු මෙම සමාගම රුපියල් ලක්ෂ පහහමාරක වටිනාකමකින් යුත් පිළිකා ඖෂධයක් හදුන්වා දුන් අතර එම ඖෂධය ද මිල දී ගැනීම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තහනම් කරන ලදී.

ඊට හේතු වූයේ එම ඖෂධ ගුණයෙන්ම යුත් තවත් ඖෂධ ලෝක වෙළෙද පොලේ අලෙවි කිරීම සහ අඩු මිලට පිළිකා රෝගීන්ට ඖෂධ ලබාදීමේ අරමුණයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න