එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හෙක්ටර් අප්පුහාමිගේ උත්සාහයෙන් ආරම්භ කරන ලද තල්විල මෝය පාලමේ නිරීක්ෂණ චාරිකාවකට අප්‍රේල් 08 සඳුදා සම්බන්ධ විය.
පාලෙම් වැඩ කටයුතු මාර්තු 25 වනදා ආරම්භ කරන ලද අතර එම අවස්ථාවට හෙක්ටර් අප්පුහාමී මන්ත්‍රීවරයාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලංත රංගේ බණ්ඩාර ද එක්විය.
මාරවිල හා තල්විල යා කරන මෝය කට අසල මාර්ගයේ ගමනා ගමන කටයුතු වැසි කාලයේ සම්පුර්ණයෙන් පාහේ ඇණ හිටි.
එම හේතුවෙන් සංචාරක කාලපයක් වන එම ප්‍රදේශයේ කුඩා හා මහා පරිමාණ හෝටල් හිමියන් මෙන්ම ධීවර ප්‍රජාවද දැඩි සේ පීඩාවට පත්වේ.
දශක ගණනාවක් තිස්සේ ජන්ද පොරොන්දුවක් පමණක් වු මෙම පාලම ඉදිරි කිරීම හෙක්ටර් අප්පුහාමී මන්ත්‍රීවරයාගේ උත්සාහයෙන් මල්ඵල ගැන්විනි.
පාලම ඉදිරි කිරීමට ලක්ෂ 4520 කට වැඩි මුදලක් ලෝක බැංකු ආධාර යටතේ හිමිව ඇත.
අප්‍රේල් 08 සඳුදා නිරීක්ෂණ චාරිකාවට එක්වෙමින් පාලම සකස් කිරීමට අවශ්‍ය වැලි මුහුදෙන්ම ලබා ගන්නා ගන්නා ලෙස කොන්ත්‍රාත් සමාගමෙන් ඉල්ලීමක් කරන ලද පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හෙක්ටර් අප්පුහාමී ඉන් ඉතිරි වන මුදල් ප්‍රදේශයේ ජනතාවගේ වෙනත් සංවර්ධන කටයුත්තකට යොදවන මෙන් ඉල්ලා සිටියේය.
මේ ජනාධිපතිවරයා ද අප්‍රියෙල් මාසයේදී මෙම පාලම නිරීක්ෂණය කිරීමට පැමිණෙනු ඇති බවට ද පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, පුත්තලම් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හෙක්ටර් අප්පුහාමී සඳහන් කළේය.

