රටේ ස්ථාන කිහිපයකට එල්ල වූ බෝම්බ ප්‍රහාර, සාමය සහ ආර්ථික ප්‍රගතිය යළි අත්පත් කරගැනීමේ අරමුණින් මහත් ආයාසයක් දරමින් සිටිනා දේශයක් තුළ වියවුල් නිර්මාණය කිරීම පිණිස ඉතා සංවිධනාත්මකව දියත් කරන මෙහෙයුමක් බව පැහැදිලි යැයි හිටපු ජනාධිපතිනි, ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ සභාපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සදහන් කරයි .
එසේම මීට සම්බන්ධ පාර්ශවයන් සොයාගෙන තරාතිරමක් නොමැතිව පමාවකින් තොරව ඔවුන්ට දඩුවම් කළ යුතු බවත් ඇය සදහන් කරයි.
ඊයේ (21) විශේෂ නිවේදනයක් නිකුත්කරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කර ඇති අතර එම නිවේදනය පහත දැක්වෙයි.


