කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට තබා ගිය බෝම්බයක් ඊයේ (21) රාත්‍රී ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න පවසයි.
ඒ සම්බන්ධව ලැබී ඇති තොරතුරු අනූව ඊයේ රාත්‍රී 10.00 ට පමණ කිසියම් පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළ පොලීසිය ඉදිරිපිට සැක කටයුතු බෑගයක් තබා ගොස් තිබූ අතර පසුව ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ එය පරීක්ෂා කිරීමේදී, ඒ තුළ පරණ ඇදුම් කීපයක් තිබී සොයාගෙන තිබුණි .
ඉන්පසුව ශ්‍රී ලංකා ගුවන් හමුදා ජංගම මුර සංචාරක භට පිරිසක් විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී අඩි 06 ක් පමණ දිග පී.වී.සී.බටයක් තුළ අටවා සකස් කර තිබූ බෝම්බයක් අනාවරණය කරගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය .
පසුව ගුවන් තොටුපළ ඉදිරිපිට මාර්ගය වසා දමා මෙම බෝම්බය රාත්‍රී 11.10 ශ්‍රී ලංකා ගුවන් හමුදා බෝම්බ නිශ්ක්‍රිය අංශයේ භට පිරිසක් විසින් නිශ්ක්‍රිය කරනු ලැබීණ.

