මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය : ජවිපෙ හෙළාදකියි !

මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය : ජවිපෙ හෙළාදකියි !

ඊයේ (21) එල්ලවු මිලේච්ඡ බෝම්බ ප්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණ සදහන් කරයි.

එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය නිවේදනයක් නිකුත්කරමින් මේ බව සදහන් කරන අතර එය පහත දැක්වෙයි.

ඊයේ (21) උදෑසන කතෝලික දේවස්ථාන තුනක් ඇතුළු රටේ ස්ථාන කිහිපයක සිදුවූ පිපිරීම්වලින් 140කට ආසන්න ප්‍රමාණයක් මියගොස් හාරසියයකට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

සිවිල් පුරවැසියන් ඉලක්ක කොට එල්ල කර ඇති මෙම ම්ලේච්ඡ හා බියගුළු ප්‍රහාරය කුමන අරමුණකින් කවුරුන් විසින් සිදුකරනු ලැබූවද එය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතු ක්‍රියාවකි. එබැවින් මෙම ම්ලේච්ඡ හා බියගුළු ප්‍රහාරය අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකිමු.

මේ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් පවත්වා සිදුවීම පිළිබඳ සත්‍ය රටට හෙළිකිරීමත් අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමත් ආණ්ඩුවේ වගකීම වේ. මෙම සිදුවීම පදනම් කරගෙන රටතුළ නොසන්සුන්තාවයක් ඇතිවීම වැළැක්වීම ආණ්ඩුවේ වගකීමකි.

එසේම මෙම සිදුවීම පදනම් කරගනිමින් වෙනත් ගැටුම්වලට නොයන ලෙසත් ජාතිවාදී හෝ ආගම්වාදී ලෙස ගැටුම් ඇතිකිරීමට උත්සාහ කරන්නේ නම් ඊට හසු නොවන ලෙසත් අපි සියලුම ශ්‍රී ලාංකේය ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

අවසාන වශයෙන් යළිත් මෙම ම්ලේච්ඡ ප්‍රහාරය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අපි මිය ගිය සියලු දෙනා වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට හා ඥාතීන් වෙත අපගේ සාතිශය සංවේගය පළකරන අතර තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.

දේශපාලන මණ්ඩලය
ජනතා විමුක්ති පෙරමුණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න