බුද්ධි වාර්තා වෙලාවට නිකුත්වෙලා : ඒත් ගණන් අරගෙන නෑ !

බුද්ධි වාර්තා වෙලාවට නිකුත්වෙලා : ඒත් ගණන් අරගෙන නෑ !

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක අවධානමක් සම්බන්ධව අප්‍රේල් 11 වනදා බුද්ධි වාර්තාවක් නිකුත්කර තිබුණත් අදාළ සතියේ ආරක්ෂක කවුන්සිලය පවා කැඳවීමට කටයුතු කර නැති බවට වාර්තා වෙයි.

මේ බව අනාවරණය කරන මාධ්‍ය සහ තොරතුරු මුලාශ්‍ර වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය අවස්ථාවල අග්‍රාමාත්‍යවරයාව සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාව ආරක්ෂක කවුන්සිලයට සහභාගී කරගැනීමට පවා ජනාධිපති සිරිසේන කටයුතු කර නොමැති බවය.

එසේම ජනාධිපති සිරිසේන විදෙස් ගතවන අවස්ථාවේ ආරක්ෂක කටයුතු සම්බන්ධව වගකීම් අමාත්‍ය මණ්ඩලයේ කිසිවෙකුටවත් පවරා නොමැති බවටද විවේචන එල්ල වෙමින් තිබේ.

අගමැතිගේ ප්‍රකාශය !

තවද ඊයේ (21) මාධ්‍ය හමුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබිණ.

ඒ එල්ලවිය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ කලින් තොරතුරු ලබාදී තිබුණත් ඒ පිළිබඳව තමන් හා අමාත්‍යවරුන් දැනුවත් කර නොතිබුණ බව සඳහන් කරමින්ය.

බුද්ධි වාර්තාව සත්‍යක් - නියෝජ්‍ය පොලිස්පති !

මේ අතර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා කිසියම් කණ්ඩායමක් සූදානම් රාජ්‍ය බුද්ධි සේවය මඟින් මීට පෙර තොරතුරු අනාවරණය කර තිබු බවත් ඊට අදාළ වාර්තාව තමන් විසින් අදාළ පාර්ශවයන්ට යොමුකළ බව විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක පවසයි.

පොලිස්පතිගේ දැනුම්දීම අනුව තමන් යටතේ ඇති පොලිස් කොට්ඨාශ 5ක අධ්‍යක්ෂවරුන් දැනුවත් කළ බවත් බුද්ධි අංශ යොමුකළ වාර්තාවද අප්‍රේල් 11 වනදා නිකුත්කළ ලිපියට ඇමිණු බවත් ඔහු සඳහන් කර ඇත.

එහිදී කතෝලික දේවස්ථාන කිහිපයකට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට එල්ලවිය හැකි ප්‍රහාරයක් සම්බන්ධව පැහැදිළිව සඳහන් කල බවත් සඳහන් කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න