පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම තවමත් කිසිම සංවිධානයක් විසින් භාර ගෙන නොමැති බව වාර්තා වෙයි.
ආරක්ෂක ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ විට බෝම්බ ප්‍රහාරයට අදාළව 24 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එසේම ලංකාව ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම සම්බන්ධව ඉන්දීය ආරක්ෂක අංශ විසින්ද දැනුම්දී තිබු බවටත් මාධ්‍ය වාර්තා පලවෙමින් ඇත.
ස්ථාන 8ක් ඉලක්ක කර දියත්වූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් මේ වන විට 290ක් ජීවිතක්ෂයට පත්ව ඇත. තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 500කට අධික වෙයි.

