මන්නාරමේ හර්තාල් : මඩකළපුවේ කඩ වැසේ !

මන්නාරමේ හර්තාල් : මඩකළපුවේ කඩ වැසේ !

බෝම්බ පිපිරීමේ සිදුවීම්වලින් ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ශෝකය පළ කරමින් මන්නාරම වෙළඳ ප්‍රජාව සිය වෙළඳසැල් වසා දමා අද (22) හර්තාලයක් ක්‍රියාත්මක කර ඇත.

මන්නාරම වෙළඳ ප්‍රජාව ප්‍රකාශ කර ඇත්තේ බෝම්බ ප්‍රහාරයන්ගෙන් ජීවිතක්ෂයට පත්වූ සහෝදර ජනතාවට ආත්ම ශාන්තිය ප්‍රාර්තනා කරන බවත්,‍ ඒ වෙනුවෙන් වන ශෝකය ප්‍රකාශ කිරීම සඳහා වෙළඳසැල් වසා දැමූ බවත්ය.

බෝම්බ ප්‍රහාර වෙනුවෙන් වගකිව යුතු පිරිස වෙනුවෙන් රජය දැඩි දඬුවම් ලබාදිය යුතු බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර ඇති අතර ඔවුන් විසින් ප්‍රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්වූවන්ගේ පවුල් වෙනුවෙන් තම ශෝකය ප්‍රකාශ කර ඇත.

මේ අතර අද (22) මඩකලපුව දිසාවේ මුස්‌ලිම් ප්‍රදේශවල කඩ සාප්පු වසා දමා ශෝක ප්‍රකාශ කිරීමක් සිදු කර ඇති බවත් වාර්තා වෙයි.

ඊයේ (21) සිදුවූ දේවස්ථාන ප්‍රහාරය හා හෙලා දකිමින් කාත්තාන්කුඩ් ප්‍රදේශයේ සියලු කඩවල්, පොදු වෙළදපොළ, හා ආයතනයන් වසා දමා ඇති අතර ප්‍රදේශයේ සුදු කොඩි ඔසවා මියගිය ප්‍රජාව වෙනුවෙන් ශෝකය පළකර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න