ශ්‍රීලනිප ප්‍රධානින් ආරක්ෂක මණ්ඩලයට !

ශ්‍රීලනිප ප්‍රධානින් ආරක්ෂක මණ්ඩලයට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ප්‍රධානත්වයෙන් අද දින (22) පෙරවරුවේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද සහභාගී වී ඇත.

ජනාධිපතිවරයාගේ ආරාධනයෙන් තිලංග සුමතිපාල, මහින්ද අමරවීර හා ලසන්ත අලගියවන්න එසේ සහභාගී වූ මන්ත්‍රීවරුන් වේ.

අගමැතිවරයාට මාස ගණනාවක් තහනම් කර තිබු ආරක්ෂක මණ්ඩල රැස්වීමට මෙසේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සහභාගී කරවා ගැනීම සුවිශේෂී කාරණයකි.

පසුගිය වසරේ ඔක්තෝම්බර් 26 කුමන්ත්‍රණයෙන් පසු අද (22) දිනය දක්වා ම ආරක්ෂක මණ්ඩල රැස්වීම වලට රනිල් වික්‍රමසිංහ මහතා හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහභාගී කරවා ගෙන නොතිබිණ.

කෙසේවුවද ඊයේ දිනයේ ශ්‍රී ලංකාවේ ස්ථාන කිහිපයක ම සිදුවූ 'පාස්කු ඉරිදා ප්‍රහාර' වලින් පසු වහාම ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් සහ ආරක්ෂක හමුදා ප්‍රධානින් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානින් අරලියගහ මන්දිරය වෙත කැඳවීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා උත්සහ කර ඇතත් ඔවුන් සියලු දෙනාම පාහේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයට නොයන ලෙස නියෝගකර ඇති බව දැනුම් දෙමිනි.

එසේ ආරක්ෂක කමිටු සාමාජිකයින් තම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම තුල ආරක්ෂක කමිටු සාමාජිකයින් හමුවීමට යාමට අගමැතිවරයාට සිදුව ඇත.

අනතුරුව ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ආරක්ෂා හමුදා ප්‍රධානීන්ට එන්නැයි දැනුම් දී ඇතත් එම අවස්ථාවේදී ද ඒ සියලු දෙනා එකහෙලා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. ඒ ජනාධිපතිවරයාගේ නියෝගයක් මත බව පවසමිනි.

කෙසේවුවද අද පෙරවරුවේ පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමට අගමැතිවරයාට ද ආරාධනා කර තිබිණ.

(උපුටා ගැනීම - උවිඳු කුරුකුලසුරියගේ මුහුණු පොතෙන් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න