ත‍්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් අද රාති‍්‍ර 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කීරීමට රජය තීරණය කර තිබේ.
රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියට සහ ති‍්‍රවිධ හමුදාවට බලය ලබාදීම වෙනුවෙන් එම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.
ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ රැස් වූ අතර එහි දී මෙම තීරණවලට එළැඹිණි.
එසේම ඊයේ (21) එල්ල කළ ප්‍රහාර පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තා කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක සඳහන් වෙයි.
ඒ අනුව රටේ තත්ත්වය පිළිබඳ පැහැදිලි කිරීමට හා මෙවැනි ත්‍රස්ත ක්‍රියා මර්දනයට ජාත්‍යන්තර සහය ඉල්ලා සිටීම සඳහා ජනාධිපතිවරයා විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කැඳවීමට ද බලාපොරොත්තු වන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
අද (22) පෙරවරුවේ පැවති ආරක්ෂක මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පොලීසීයට හා ත්‍රිවිද හමුදාවට උපදෙස් දී ඇත්තේ, ඊයේ (21) ත්‍රස්ත ක්‍රියාවට සම්බන්ධ සංවිධාන හා අනුබල දුන් බලවේග ඇත්නම් එකී සියලු බලවේග සම්පූර්ණයෙන් විනාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
හෙට (23) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය තීරණය කර තිබේ.

