රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි : වරෙන්තු නැතුව අත්අඩංගුවට ගැනීමට අවස්ථාව !

රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි : වරෙන්තු නැතුව අත්අඩංගුවට ගැනීමට අවස්ථාව !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට පැවැරී ඇති බලතල අනුව ඊයේ (22දා) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ක්‍රියාත්මක මේ අනුව ක්‍රියාත්මක වීමට නියමිතය.

රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය ලබාදීම මෙහි අරමුණයි.

මහජන ආරක්ෂක පනත පැනවීමෙන් පසු එය අදාළ කාලය තුළ රටේ පවතින අනෙකුත් නීති සහ රෙගුලාසීවලට ඉහළින් බලපැවැත්වීමට නියමිතය.

මෙම පනතේ විධිවිධානයන්ට අනුව වරෙන්තු නොමැතිව සාධාරණ සැකයන් ඔස්සේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සහ රඳවා ගැනීමට ආරක්ෂක අංශ වෙත අවස්ථාව හිමි වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න