ජාතික ආරක්ෂාව සම්බන්ධව හමුදාපතිගෙන් යෝජනාවක් !

ජාතික ආරක්ෂාව සම්බන්ධව හමුදාපතිගෙන් යෝජනාවක් !

ත්‍රිවිධ හමුදා සහ පොලිස් බුද්ධි අංශ එක්කර බුද්ධි සේවා තවත් ශක්තිමත් කරන ලෙස යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ආරක්ෂක මණ්ඩලයේදී ඉල්ලීමක් කර තිබෙන බව වාර්තා වෙයි.

බුද්ධි අංශ වෙන වෙනම කි‍්‍රයාත්මක වීම නිසා ඇතැම් තොරතුරු එම එක් එක් බුද්ධි අංශ අතර හුවමාරු වීම වේගයෙන් සිදු නොවන බවයි යුද හමුදාපතිවරයා එහිදී පෙන්වා දී ඇති බවත් වාර්තා වෙයි.

රටේ උද්ගත වී ඇති තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාවන් කි‍්‍රයාකරන අකාරය පිළිබඳව විමසිල්ලෙන් බලා සිටින බවද යුද හමුදාපතිවරයා සිහිපත් කර තිබෙන අතර ඒ අනුව මහජන ආරක්ෂක පණත යටතේ පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම් සඳහා හමුදාවන්ට බලය ලබා දෙන්නැයිද යුද හමුදාපතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා ඇති බවද දැනගන්නට ඇත.

එසේම සිදුවු පිපිරවීම් හෝ වෙනත් අපරාධ සම්බන්ධයෙන් හඳුනාගත් ජාලයක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහා කි‍්‍රයාත්මක වන ලෙසද යුද හමුදාපතිවරයා ආරක්ෂක මණ්ඩලයෙන් තවත් ඉල්ලීමක් කර තිබෙන බවත් වාර්තා වෙයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න