රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ගැන නෙත් නිව්ස් පුවත සත්‍යක්ද ?

රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ගැන නෙත් නිව්ස් පුවත සත්‍යක්ද ?

පිපිරවීම් සම්බන්ධයෙන් තමන් වෙත ලැබුණු තොරතුරු පොලිස්පතිවරයාට සහ ප‍්‍රභූ ඝාතන සිදුවීමට පැවති අවධානම පිළිබඳ ප‍්‍රභූවරුන්ගේ ආරක්ෂක ප‍්‍රධානීන් වෙත දැනුම් දුන් නමුත් මෙම තොරතුරු ජනාධිපතිවරයා හෝ අග‍්‍රාමාත්‍යවරයා වෙත දැනුම්දීමට නොහැකි වු බවට රාජ්‍ය බුද්ධි අංශයේ ප‍්‍රධානියා සදහන් කර ඇති බව නෙත් නිව්ස් වාර්තා කරයි.

එම පුවතේ සදහන් ආකාරයට රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා මේ බව සදහන් කර ඇත්තේ ආරක්ෂක මණ්ඩලය රැස්වූ අවස්ථාවේය.

මෙම පුවත සත්‍යක් නම් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා සිදුකර ඇත්තේ බලවත් වරදක් වන අතර එය අදහාගත නොහැකි කරුණක් බව ආරක්ෂක තොරතුරු විශ්ලේෂක අදහස වී තිබේ.

විශේෂයෙන් ජාතික ආරක්ෂාව සම්බන්ධව බුද්ධි වාර්තා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාට දැන්වීමට නොහැකිවීම පිළිගත හැකි කරුණක් නොවන බවත් බුද්ධි තොරතුරු නිසිලෙස වගකිවයුතු පාර්ශව වෙත දන්වා සිටීම රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියාගේ රාජකාරිවලින් ප්‍රධාන එකක් බවත් මතය වී තිබේ.

එසේම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විදෙස් මාධ්‍ය වෙත දැක්වූ අදහස් සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා දක්වන අදහස් අතර පරස්පරයක් මතුවන බවත් එයින් පෙනී යන්නේ ජාතික ආරක්ෂාව සම්බන්ධව වගකීම දරණ පාර්ශව සිය රාජකාරි නියමිත ලෙස සිදුකර නොමැති බව යන්නද ඔවුන් පෙන්වා දෙයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (22) විදෙස් මාධ්‍ය සිදුකළ විමසීමකදී ඊට ප්‍රතිචාර දක්වමින් සදහන් කර සිටියේ මෙම ප්‍රහාර සම්බන්ධව බුද්ධි වාර්තා ලැබී තිබුණ බවත් නමුත් එල්ලවිය හැකි ප්‍රහාරය මෙතරම් බරපතල වනු ඇතැයි අපේක්ෂා නොකළ බවය.

නෙත් නිව්ස් පුවත පහත දැක්වෙයි.

ආරක්ෂක මණ්ඩලයේදී යුද හමුදාපති 'බලය දෙන්නැයි' ඉල්ලයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න