කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් ඉලක්ක කර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව සැකපිට අත්අඩංගුවට ගෙන ඇති කෝටිපති කුළුබඩු ව්‍යාපාරික අල්හාජ් යූසුෆ් මොහොමඩ් ඊබ්‍රාහිම් (65) නැමැත්තා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සමගද ගනුදෙනු පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
ඒ පාස්කු ඉරිදා දියත් කළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශන වලදීය.

විමල්ගෙන් ජවිපෙට චෝදනා !
එසේම ඊයේ (22) මාධ්‍ය හමුවක අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනාකර සිටියේ මෙම සැකකාර ඊබ්‍රාහිම් පසුගිය මහමැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ලයිස්තුවේ සිටි බවය.
ඊබ්‍රාහිම් - රිෂාඩ් ජායාරූපය අවුරුදු 8ක් පරණයි !
එසේම ඔහු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සමගද ගනුදෙනු කර ඇති බවටද චෝදනා එල්ලවු අතර ඊට අදාල ජායාරූපයක් ද සමාජ මාධ්‍ය ජාල වෙත මුදාහැර තිබෙණු දක්නට ලැබිණ.
එහෙත් පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාල ජායාරූපය මීට වසර 8 කට පෙර ගනු ලැබූවක් බවත් ඒ ව්‍යාපාරික හමුවකදී ගනු ලැබූවක් ද වන බවත්ය.
ඊබ්‍රාහිම්ගේ බාල පුතා අතුරුදහන් !
මේ අතර සැකකාර ඊබ්‍රාහිම්ගේ බාල පුතා වූ ඉස්මයිල් අහමඩ් ඊබ්‍රාහිම් අතුරුදහන්ව ඇති බවත් ආරක්ෂක අංශ ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම කිංග්ස්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් වෙත එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙක එල්ලකර ඇත්තේ ඊබ්‍රාහිම්ගේ පුතුන් දෙදෙනෙකු වන ඉම්සාන් අහමඩ් ඊබ්‍රාහිම් (33) , සහ ඉල්හාම් අහමඩ් ඊබ්‍රාහිම් බවත් අනාවරණය වී තිබේ.
ඊබ්‍රාහිම්ගේ තවත් පුතෙකු මේ වන විට කොළඹ අපරාධ කොට්ටාශයේ අත්අඩංගුවේ පසුවන අතර ඔහු ඉජාස් අහමඩ් ඊබ්‍රාහිම් ය. ඔහුව අත්අඩංගුවට ගනු ලැබූවේ දෙමටගොඩ මහවිල පාරේ පිහිටි සුඛෝපභෝගී තෙමහල් නිවස පරීක්ෂා කිරීමේදීය.
බෝම්බ පිපිරවූයේ දුරස්ථ පාලකයකින් ?
එම නිවස ඊබ්‍රාහිම් සතු වන අතර බුද්ධි තොරතුරක් මත ඊයේ ( 22 ) ආරක්ෂක අංශ එම නිවස පරීක්ෂා කිරීමට එහි ගිය අවස්ථාවේ බෝම්බ පුපුරුවා ඇත. එහිදී පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.
පසුව නැවත ඉහළ මාලයට නැග විශේෂ කාර්‍ය බලකාය මෙම නිවස පරීක්ෂා කිරීමට යාමේදී එහි දෙවන මහලේද බෝම්බයක් පුපුරුවා ඇත. එහිදී එම නිවසේ සිටි ෆාතිමා ජිප්රි සහ දරුවන් දෙදෙනෙකු ඝාතනය වී තිබේ.
ආරක්ෂක අංශ සැක කරන්නේ මෙම බෝම්බ පිපිරීම් එම නිවසේ පහළ මාලයේ සිට දුරස්ථ පාලකයකින් සිදුකරන්නට ඇති බවය.

