පාස්කු ඉරිදා (21) දිනයේ ශ‍්‍රී ලංකාවේ ස්ථාන ගණනාවකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර ‘ජාතික තව්හිද් ජමාත් සංවිධානය' (NTJ) විසින් සිදු කරන ලද බවට එල්ල වන චෝදනා හිටපු ඇමතිවරයෙක් වන වත්මන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් එකී සංවිධානය සම්බන්ධ යයි සාක්‍ෂි මෙතෙක් හමු වී නැති බවත් ඔහු පවසා තිබේ.
රාජිත කිව්වේ බොරුද ?
එහෙත් මේ වන විට ආණ්ඩුවේ ප්‍රකාශකයකු වන අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර සිටියේ බෝම්බ ප්‍රහාර සම්බන්ධ වගකීම NTJ දැරිය යුතු බවය.
එසේම මේ වන විට සිදුකර ඇති විමර්ශන හරහා ඒ බව තහවුරුව ඇති බවත් අමාත්‍යවරයා පවසා ඇත.
බුද්ධි අංශ වාර්තා අනාවරණය
එසේම අදාල ප්‍රහාර සම්බන්ධව අනතුරු හගවමින් මෙරට බුද්ධි අංශ වාර්තා පසුගිය අප්‍රේල් 4 සහ අප්‍රේල් 10 නිකුත්කර ඇති බව රටම දන්නා කරුණකි.
ඒ බව ආරක්ෂක ප්‍රධානීන් පමණක් නොව අරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද පිළිගෙන තිබේ.
විදෙස් මාධ්‍ය සිදුකළ විමසීමකදී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් සදහන් කර සිටියේ බුද්ධි වාර්තා ලැබී තිබූ නමුත් මෙතරම් ප්‍රහාරයක් එල්ලවෙයි කියා අපේක්ෂා නොකළ බවය.
එපමණක් නොව ඉන්දීය ඔත්තු සේවා පවා මේ පිළිබඳ මෙරට ආරක්ෂක අංශ දැනුවත් කර ඇති බවත් අනාවරණය වී ඇත.

