ත්‍රස්තවාදය මැඩලීම අනිවාර්යයි : අගමැති සහතික වෙයි !

ත්‍රස්තවාදය මැඩලීම අනිවාර්යයි : අගමැති සහතික වෙයි !

තවත් අවුරුදු 30ක් තරම් ඇදීයන යුද්ධයක් නැවත මේ රටේ ඇතිවීමට ඉඩනොදෙන බවත් ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ සහය ලබාදෙන සුළු පිරිසක් ආරම්භ කර ඇති ත්‍රස්තවාදය වහාම නැතිකර දැමීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

එසේම මෙම ප්‍රහාරය ආගමික පදනමක් ඇතිව එල්ලකරනු ලැබූවක් නොව ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ පාර්ලිමේන්තුව අද (23) රැස්වු අවස්ථාවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්‍ ය.

එසේම ජාත්‍යන්තර ප්‍රජාව මුළුමනින්ම මේ මතුව ඇති ත්‍රස්තවාදය පරාජය කිරීමට ලංකා රජයට සහයදීමට ඉදිරිපත්වී සිටින බවත් ඒ සහය ඇතිව ත්‍රස්තවාදය නිශ්චිතව පරාජය කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

එසේම සංචාරක හෝටල් ඉලක්ක කර එල්ලවු ප්‍රහාර හරහා මෙරට සංචාරයක ව්‍යාපාරය අඩාල කර ආර්ථික දුෂ්කරතාවකට පත්කිරීමේ අපේක්ෂාවක් මේ ත්‍රස්තවාදයට ඇති බව පෙනීයන බවත් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

උපවාස කළ වීරවංශ තුට්ටු දෙකට වැටෙයි !

අග්‍රාමාත්‍යවරයා මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය නිකුත්කල නිවේදනද පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කළ අතර එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ දිගින් දිගටම බාධා කරනු ලැබිණ.

එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරියේ උපවාස කල පැරණි ත්‍රස්තවාදියකු වෙතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවය.

දිගින් දිගටම විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ බාධා කිරීම හමුවේ කතානායක කරූ ජයසූරිය ද අවධාරණය කර සිටියේ හික්මීමක් නොමැතිව කරන පහත් හැසිරීම හරහා උත්තරීතර සභාව හෑල්ලු නොකරන ලෙසය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න