අගමැති - රාජ්‍ය ඇමැති ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීම : හැන්සාඩ් වාර්තාවට !

අගමැති - රාජ්‍ය ඇමැති ආරක්ෂක මණ්ඩලයට නොකැඳවීම : හැන්සාඩ් වාර්තාවට !

අග්‍රාමාත්‍යවරයාට හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ට පසුගිය සමයේ කිසිදු බුද්ධි අංශ වාර්තාවක් නොලැබුණු බව අමාත්‍ය රුවන් විජයවර්ධන පවසයි.

අද (23) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මේ බව අවධාරණය කර සිටියේය.

එසේම මාස ගණනාවක් තිස්සේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස තමන්ව හෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව ආරක්ෂක මණ්ඩල රැස්වීම සදහා කැදවා නොමැති බවත් ඔහු පැවසීය.

නමුත් මාස ගණනාවකට පසුව ඊයේ තමන්ට සහ අමාත්‍යවරයාට ආරක්ෂක මණ්ඩල හමුව සදහා කැදවීමක් ලැබුණු බවත් ඒ අනුව ඊට සහභාගී වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එහිදී බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට ජනාධිපති සිරිසේන උපදෙස් නිකුත්කල බවත් පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ ත්‍රස්තවාදය මුලුමනින්ම තුරන් කිරීම සදහා සියළු ජාතීන් එක්ව කටයුතු කල යුතු බවයි.

එමෙන්ම ත්‍රස්තවාදී කටයුතු සදහා සම්බන්ධ පුද්ගලයන්ගේ දේපළ පවා රාජසන්තක කිරීමට තමන් යෝජනා කරන බවත් ඔහු පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න