මිනිස්සු පොඩි දෙක තලයි : ගෝඨාගේ ප්‍රකාශකයා හේමසිරිට කියයි !

මිනිස්සු පොඩි දෙක තලයි : ගෝඨාගේ ප්‍රකාශකයා හේමසිරිට කියයි !
"ඔයාගෙ ‘පොඩි ජනාධිපතිතුමා’ව ආයෙත් පාරක් සිංගප්පූරු එක්කන් ගිහින් ‘පොඩි’ එකක් පුපුරවන්න. එලියට යන්න එපා. මිනිස්සු ‘පොඩි’ දෙක තලයි." යනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට අවධාරණය කර තිබේ.
 
සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර ඇත්තේ  පල්ලි හා සංචාරක හෝටල්වල බෝම්බ පුපුරායාමෙන් පසුව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඊයේ (22) කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය. 
 
මිලින්ද රාජපක්ෂ කර ඇති සම්පූර්ණ සටහන මෙසේය.
IMG 20190423 142546
 
අමරබංදු රූපසිංහ ආරක්ෂක ලේකම්තුමනි, මට ‘පොඩි’ ප්‍රශ්නයක් අහන්න තියෙනවා.
 
‘පොඩි’ ප්‍රහාරයක් තමා අපි බලාපොරොත්තු වුනේ කියන ජාත්‍යන්තර ප්‍රකාශයෙන් ඔය ‘පොඩි’ බුද්ධියට තේරෙන්නේ මොන වගේ දෙයක්ද?
  
‘පොඩි’ කියන්නේ 25ක් මැරෙන එකද? 100 ක් මැරෙන එකද? නැත්නම් 250ට වඩා අඩුවෙන් මැරෙන එකද? නැත්නම් පොඩි කියන්නෙ ඔයාගෙ ‘පොඩි ජනාධිපතිතුමා’ බේරිලා අපි සේරටම කෙලවෙන එකද?
 
ඔයාගෙ එක ‘පොඩි’ වීම නිසා දැන් අපිට ‘ලොකු’වටම වැඩේ වී ඇත. එක ඇමතිකෙනෙක් නම් එයාගෙ ‘තාත්ති’ ගේ ‘පොඩි’ මැසේජ් එකෙන් ගොඩ ගියේය. අපි ‘පොඩි’ මිනිස්සු නිසා ඔයාගෙ ‘ලොකු’ අය ඊයෙ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේ ඉමහත් ප්‍රීතියෙන් සිනා සෙනු බලා ‘පොඩි’යට දුක් වෙනෙමු.
 
ලේකම්තුමනි, ඔයා ඔයාගෙ ‘පොඩි’ එක පරිස්සම් කරගෙන ගෙදරට වෙලා ඉන්න. ඔයාගෙ ‘පොඩි ජනාධිපතිතුමා’ව ආයෙත් පාරක් සිංගප්පූරු එක්කන් ගිහින් ‘පොඩි’ එකක් පුපුරවන්න.
 
එලියට යන්න එපා. මිනිස්සු ‘පොඩි’ දෙක තලයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න