Language Switcher

V2025

සිරිසේනගේ ගැලවිල්ලට හේමසිරි බිල්ලට !

පාස්කු ඉරිදා ප්‍රහාරය වලක්වා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධව සමස්ථ රටේම විවේචනය ආරක්ෂක අමාත්‍යාංශය වෙත එල්ලවී තිබේ.

මේ වන විට ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේනට එම චෝදනාව එල්ලවීම වලක්වා ගැනීම වෙනුවෙන් මේ වන විට අඩුපාඩුව පිළිගෙන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු හට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවත් වාර්තා වෙයි.

හේමසිරි - සිරිසේන හමුවෙයි !

ඒ අනූව ඊයේ (24) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා ජනාධිපති සිරිසේන හමුවී ඇති බවත් වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ලවීමට පෙර ජනාධිපති සිරිසේන බුද්ධි අංශ වාර්තා බැරෑරුම්ව ගෙන ආරක්ෂක අංශ ප්‍රධානීන් වෙත අදාල නියෝග නිකුත්කර තිබුනා නම් මේ වලක්වා ගැනීමට තිබිණ.

ජනාධිපති සිරිසේනට ගැලවිල්ලක් නෑ !

ඒ අනූව මේ සිදුවූ ඛේදවාචකයෙන් ගැලවීමට සේනාධිනායක ලෙසත් ආරක්ෂක අමාත්‍ය මෙන්ම නීතිය හා සාමය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේනට හැකියාවක් නැත.

එසේම බුද්ධි අංශ වාර්තා නොසලකා ආරක්ෂක කවුන්සලය නොකැඳවීම, අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක කවුන්සලයට නොකැඳවා විපක්ෂ මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න ආරක්ෂක කවුන්සලයට කැදවා තිබීම, ප්‍රහාරය එල්ලවු දිනයේ පවා ආරක්ෂක කවුන්සලය රැස්කිරීමට අග්‍රාමාත්‍යවරයාට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් තිබේ.

අගමැති පිටින් වරද යැවීමේ අසාර්ථක උත්සාහයක් !

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ එසේ තිබියදී පවා විපක්ෂය ලවා අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමට බලකරමින් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට පවා ජනාධිපති සිරිසේනගේ පාර්ශවය කටයුතු කළ බවය.

ඊට නිදර්ශන අප පුවත් මූලාශ්‍ර මෙසේ සදහන් කරයි.

බුද්ධි අංශ සාමාජිකයන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව අත්අඩංගුවට ගැනීම හේතුවෙන් බුද්ධි අංශ දුර්වල බවට පලමුව නිවේදනය කරවීම. අනතුරුව බුද්ධි අංශ නිසි වෙලාවට නිවැරැදි තොරතුරු නිකුත්කර ඇති බව අනාවරණය විය.

විශේෂයෙන් ප්‍රහාරය එල්ල කරන කණ්ඩායම , ඔවුන්ගේ නායකත්වය පමණක් නොව ප්‍රහාර එල්ල වියහැකි ස්ථාන පවා අනාවරණය කරන්න බුද්ධි අංශ කටයුතු කර ඇති බව හෙලිදරව් විය.

ඒ අමතක කරවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි යොදාගෙන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බව ප්‍රචාරය කෙරිණ. එහෙත් එයද සාර්ථක වූයේ නැත.

ඉල්ලා අස්විය යුත්තේ හේමසිරි විතරද ?

පසුව ජනාධිපති සිරිසේන ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේ තමන්ට බුද්ධි අංශ වාර්තා නොලැබුනු බවය.

එහෙත් ප්‍රශ්නය වන්නේ ජනාධිපති සිරිසේන කියන ප්‍රකාශය සත්‍යක් නම් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් පමණක් නොව ජාතික බුද්ධි අංශ ප්‍රධානියා ද ඉවත් කිරීමය.

මන්ද බුද්ධි වාර්තා එක්කර ඒ සම්බන්ධව සේනාධිනායක සහ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති සිරිසේනව දැනුවත් කිරීම ඔහුගේ ප්‍රධාන රාජකාරිය වන නිසාය.

 හේමසිරි අත්අඩංගුවට ගන්න - විජේදාස

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති අත්අඩංගුවට ගතයුතු බව සදහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ විසින් ජනාධිපති සිරිසේන වෙත ලිපියක් යොමුකර ඇත.

අදාල ලිපිය පහත දැක්වෙන අතර එම ලිපියත් ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව ජනාධිපති සිරිසේන වෙත එල්ලවන චෝදනාව සමනය කිරීමට විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කරන ලද්දක් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

එසේම මේ සම්බන්ධව newstube.lk සිදුකළ අනාවරණය පහත දැක්වෙයි.

57694860 241190136730310 8253875296831275008 n