රජය විසින් ෆේස් බුක් ඇතුළු සමාජ ජාල වාරණය කර තිබියදී පසුගිය 24වනදා පැවති පාර්ලිමේන්තු සැසිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නිල ෆේස් බුක් පිටුව හරහා ලබාදීම සම්බන්ධව එම සංස්ථාවේ ප්‍රධානීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.
ඒ ගුවන් විදුලි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සම්පත් සුජීව (කොළඹ නාගරික මන්ත්‍රී ), සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ හාරිස් යන දෙදෙනාගේය.
මෙම දෙදෙනාම ගුවන් විදුලි සංස්ථාවේ පාලනාධිකාරිය විසින් කළ පත්කිරීම් නොවන අතර ඔවුන් වෙතින් නිදහසට කරුණු විමසා ඇති බවත් දැනගන්නට ඇත.

