පාසල් හා සරසවි විවෘත කිරීම මැයි 6 දක්වා කල් යයි

පාසල් හා සරසවි විවෘත කිරීම මැයි 6 දක්වා කල් යයි

පාසල් සහ විශ්වවිද්‍යාල නැවත විවෘත කිරීම මැයි 06 වන දා දක්වා කල් දැමීමට රජය තීරණය කර තිබේ.

ජාතික ආරක්ෂක මණ්ඩලය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වීමේ දී මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර, විභාග පවත්වන ස්ථානවලට දැඩි ආරක්ෂාවක් සැපයීම පිළිබඳව ද සාකච්ජා කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ මැයි දින සැමරුම් නොපවත්වන ලෙස ද මෙහිදී ජාතික ආරක්ෂක මණ්ඩලය සියලූ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රාජ්‍ය ආයතන සහ ප‍්‍රධාන පෙළේ සංචාරක හෝටල් සඳහා මෙන් ම මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට පුළුල් ආරක්ෂාවක් සැපයීමේ නව ආරක්ෂක වැඩපිළිවෙළක් සඳහා ද ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න