කල්මුණේ , සමන්තුරෙයි සහ චාවලකඩේ යන ප්‍රදේශ වෙත නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇදිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සදහන් කරයි.
ඊයේ (26) සන්ධ්‍යාවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ ආයුධ ගබඩාවක් වැටලීමෙන් පසු තවත් ස්ථානයක් පරීක්ෂා කිරීමට යද්දී බෝම්බ පුපුරුවා ගැනීමක් සමග ආරක්ෂක අංශ සමග වෙඩි හුවමාරුවක් සිදුව ඇති බවත් වාර්තා වෙයි.
ලැබුණු තොරතුරක් අනුව සවස 6 ට පමණ සමන්තුරේ නිවසක් පරීක්ෂා කරද්දී එහි තිබී ජෙලිග්නයිට් 150 ක්, නයිට්‍රේට් ඇසිඩ්, බෝම්බ වලට යොදා ගන්නා යකඩ බෝල ලක්ෂයක් පමණ, ඩෙටොනේටර්, බැටරි ආදී බෝම්බ නිපදවීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද ඩ්‍රෝනයක් ද සොයා ගෙන තිබේ.
ඒවා අතර මරාගෙන මැරෙන ප්‍රහාරවලට පෙර අයිඑස් ත්‍රස්තවාදීන් අඳින කළු පැහැති දිගු කබාය හෙවත් හිජාබයක් ද, අයිඑස් සංවිධානයේ කොඩියක් ද හමුවී තිබේ. එහිදී එක් සැකකරුවෙකු සහ සැක කටයුතු වෑන් රථයක් ද අත් අඩංගුවට ගෙන ඇත.
ඔහුගෙන් ප්‍රශ්න කරද්දී ලද තොරතුරක් අනුව සයින්දමර්දු මංසන්ධියේ සිට රෝහල් පාරේ පිහිටි නව ගම්මානයක නිවසක් පරීක්ෂා කිරීමට එස්ටීඑෆ් කණ්ඩායම යද්දී ඒ නිවස තුල සිට කිසිවෙකු බෝම්බයක් පුපුරුවා ගෙන තිබේ.
ඉන්පසු එස්ටීඑෆ් පිරිස වෙත වෙඩි වරුසාවක් එල්ල වී ඇති අතර මේ වාර්තාව ලියන රාත්‍රී 8.30 වන විටත් දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුව පැවති බවත් තිබෙන බවත් මෙතෙක් ආරක්ෂක අංශ වල කිසිවෙකුට තුවාල සිදුවී නැති බවත් අප ආරංචි මාර්ග සදහන් කරයි.
එසේම මේ ප්‍රදේශයේ පිපුරුම් 3ක් පමණ සිදුව ඇති බවත් දැනගන්නට ඇත.
ප්‍රහාර්ක හෙළිකොප්ටරයක් ද ප්‍රහාරය සඳහා එක් වී තිබෙන බව ද වාර්තා වන අතර අන්තවාදින් සමග ආරක්ෂක අංශ සමග මුහුණට මුහුණ සටන් කළ ප්‍රථම අවස්ථාව මේ බවත් වාර්තා වෙයි.

