සියළු සමාජ ජාල අහිමිවීමේ අවධානමක් !

සියළු සමාජ ජාල අහිමිවීමේ අවධානමක් !

දිගින් දිගටම වාරණය කරමින් ඇති නිසා ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල ශ්‍රී ලංකාවෙන් හකුලාගෙන යාමට සූදානමක් ඇතැයි ශ්‍රී ලංකා පරිවර්තන සමුහය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය මෙහි දැක්වෙයි.

ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකික ජනතාවට වෙත ලබානොදී සිටීමට කටයුතු කළහැකි බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ.

මෙලෙසේ තම සමාජ මාධ්‍ය අඩවි මෙරට තුල වාරණයකට ලක්වීම අන්රටවල් ආදර්ශයට ගතහැකි බැවින් එය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල සමාගම් වල කිර්ති නාමයන්ටද කැළලක් වන බැවින් එම සමාගම් තම සේවාවන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබානොදීමට කටයුතු කිරීමට ක්‍රියාකළ හැකියැයි ශ්‍රී ලංකා පරිවර්තන සමූහය වන අප වෙත දැනගන්නට ලැබේ.

රජයක් විසින් සිදුකළ යුත්තේ අසත්‍ය ප්‍රචාර පැතිරෙනවා යැයි කියා සමාජ මාධ්‍ය වාරණය කිරීම නොව සමාජ මාධ්‍ය ජාල අඩවි සමාජයේ යහපත උදෙසා යොදාගන්නා ආකාරය පිලිබදව ජනතාව දැනුවත් කිරීම වන අතර කුඩා දරුවාගේ පටන් මෙම දැනුවත් කිරීම් සිදුකල යුතු අතර පාසල් ICT විෂය නිර්දේශයට සමාජ මාධ්‍ය පරිහරණය පිලිබද විෂය කරුණු එක් කලයුතු බව අප ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස රජයට දැනුම්දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා පරිවර්තන සමුහය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න