නව බුද්ධි බලකායක් පිහිටුවීමට : යුද හමුදාවේ සූදානමක් !

නව බුද්ධි බලකායක් පිහිටුවීමට : යුද හමුදාවේ සූදානමක් !

අලුතින් බුද්ධි බළකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවධානය යොමුව ඇතැයි විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාතික ආරක්ෂාවට උදා වී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණදීමටත් ජාතික ආර්ථිකයේ සුරක්ෂිතතාවත් අරමුණු කරගනිමින් අතිනවීන තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් මෙම බළකාය පිහිටුවීමට සාකච්ඡා කෙරෙන බව කියැවේ.

මේජර් ලයනල් බලගල්ල මහතාගේ මූලිකත්වයෙන් යුද හමුදා සන්නද්ධ බුද්ධි අංශය කුඩා ඒකකයක් හැටියට 1980 දී ආරම්භ කළ අතර 1989 දී බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයක් පිහිටුවීය.

එවකට ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඉල්ලීම අනුව 1990 දී පළමු බුද්ධි බළකාය පිහිටුවනු ලැබුවේ සේනාධිනායක හැටියට හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා විසිනි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ඝාතනයට ලක් වූ පළමු සාමාජිකයා හැටියට සැලකෙන ශංකර් නමැත්තා 1982 නොවැම්බර් 24 වැනි දින ඝාතනයට කරනු ලැබුවේ ද යුද හමුදා බුද්ධි අංශය විසිනි.

2009 දී යුද්ධය අවසන් වනවිට බුද්ධි බළකා තුනක් පිහිටුවා තිබූ අතර ඉන්පසුව 2015 වනවිට එවකට පැවැති රජය විසින් බුද්ධි බළකා හතක් දක්වා වර්ධනය කළේය.ඒ අනුව යෝජිත බුද්ධි බළකාය පිහිටුවනු ලැබුවහොත් එය අට වැනි බුද්ධි බළකාය වනු ඇත.

(ලංකාදීප )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න