හේමසිරිට අපරාධ නඩුවක් : සිරිසේනත් අමාරුවේ !

හේමසිරිට අපරාධ නඩුවක් : සිරිසේනත් අමාරුවේ !

පාස්කු ඉරිදා එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳව තම වගකීම පැහැර හරිමින් කටයුතු සිදු කිරීම සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර ට එරෙහිව ඩැන්ටන් පාලින්ද වික්‍රමිසිංහ විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පුද්ගලික නඩුවක් ලෙස අපරාධ නඩුවක් ගොනු කර ඇති බව වාර්තා වෙයි.

එම නඩුව ගොනු කර තිබෙන්නේ පැමිණිලිකරු වෙනුවෙන් නීතිඥ එරික් බාලසූරිය විසින්ය.

බුද්ධි අංශ විසින් අදාළ ප්‍රහාරය පිළිබඳව දැනුවත් කර තිබියදීත් ඔවුන් විසින් මහජන ආරක්ෂාව අනතුරේ හෙළමින් නොසැලකිලිමත්ව කටයුතු කිරීම නිසා අදාළ පුද්ගයන් මරණයට පත් වීම හා බරපතල ලෙස තුවාල සිදු වීම ඔවුන්ට එරෙහිව ඇති චෝදනා වන අතර ඒ සඳහා ඔවුන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 298 හා 329 යන වගන්ති යටතේ වරදක් කර දඬුවම් හිමි විය යුතු බවත් පෙන්වා දෙයි.

සිරිසේන - හේමසිරි දෙන්නම අමාරුවේ !

මේ සම්බන්ධව අදහස් දක්වමින් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු සදහන් කර සිටියේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් තනතුරින් හේමසිරි ප්‍රනාන්දු ඉල්ලා අස්වීම හේතුවෙන් ඉහත නඩුව හරහා එල්ලකල චෝදනාව ප්‍රමාණයකට තහවුරු වී ඇති බවය.

සාමාන්‍යයෙන් ජනාධිපති සිරිසේන සිදුකළ දැනුම්දීම මත පමණක් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අධිකරණයේදී ඔප්පු කළත් එහි පදනම කුමක්ද යන්න පැමිණිල්ලට පහසු බවත් ඔහු පවසයි.

තවද ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු මෙම නඩුවේදී සිය නිරවද්‍යතාව ඔප්පු කිරීමට නම් තමන් ධූරයේ රාජකාරි නිවැරදිව ඉටුකළ බව තහවුරු කළ යුතු බවත් එසේ ඔප්පු කළහොත් ජනාධිපති සිරිසේන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු ට එල්ලකල චෝදනා අසත්‍ය වන බවත් ඔහු පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න