පාස්කු ඉරිදා ප්‍රහාරය : සිරියාවේ පරාජයට පළිගැනීමක් !

පාස්කු ඉරිදා ප්‍රහාරය : සිරියාවේ පරාජයට පළිගැනීමක් !

පාස්කු ඉරිදා ප්‍රහාරය ගෝලීය ත්‍රස්තවාදය විසින් මෙහෙයවනු ලැබූවක් බව අනාවරණය වී තිබේ.

ඊට ආසන්න සාක්ෂිය වන්නේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී නායකයා ලෙස සැලකෙන අබු බක්ර් අල්-බැග්ඩඩි වසර පහකට ආසන්න කාලයකට පසු නැවතත් සජීවීව පෙනී සිටිමින් නිකුත්කර ඇති වීඩියෝ පටයයි.

ශ‍්‍රී ලංකාවේදී එල්ල කරන ලද ප‍්‍රහාරය සංවිධායනය සිරියාවේදී ලද පරාජයට පළිගැනීමක් බව එහිදී ඔහු සදහන් කර තිබේ.

ISIS නායකයා 2014 ජුලි මාසයේදී ඉරාකයේ මොසල් හි මහා මුස්ලිම් පල්ලියේ දී සිය අවසාන දේශනය ලබා දුන්නේය.

ඊයේ (29) දිනයේ නිකුත් කළ ප්‍රචාරක වීඩියෝව මගින් ප්‍රථම වරට ඔහු නැවත පෙනී සිටියේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තම කණ්ඩායම විනාශ කිරිම නිසා බටහිර රටවලින් පලිගන්නා බවත් ශ්‍රීලංකාවේ ප්‍රරහාරය ගැන තම සතුටත් ප්‍රකාශ කරන බවත්ය.

ලංකාවේ සිදුවූ හුදෙකලා සිදුවීමක් නොවේ !

ඒ අනුව මෙය ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍යයේ සිදුවූ හුදෙකලා ත්‍රස්තවාදී ප්‍රහාරයක් නොවන බව ආරක්ෂක විශ්ලේෂකයන්ගේ ද අදහස වී තිබේ.

ඔවුන් පෙන්වා දෙන ආකාරයට මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදයට මුහුණදීමට හැකි වන්නේ ලෝකයේ සෑම රටක් සමගම යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම හරහා පමණය.

ගෝලීය පරිමාණයෙන් ත්‍රස්තවාදය ව්‍යාප්තවීම !

වසර 2000න් පසුව ත්‍රස්තවාදය නිසා සිදුවූ මරණ සංඛ්‍යාව පස්ගුණයකටත් වඩා වැඩිවී ඇත. 2001 සැප්තැම්බර් 11 නිව්යෝර්ක් නගරය තුළ සිදුකළ අල්ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මුලු ලෝකයම වගේ මේවන කොට ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත් වී ඇත.

ස්පාඤ්ඤය, ඊජීප්තුව, බාලිදූපත්, ටියුනීසියාව, නයිජීරියාව, කෙන්යාව, තුර්කිය, යේමනය, පකිස්තානය, මාලදිවයින්, ඉන්දුනීසියාව, මියන්මාරය හරහා නවසීලන්තය ද අද ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ඉලක්ක බවට පත්ව ඇත.

මේ සියලු ඛේදවාචක ඇති වූයේ කුසිවකු නොසිතූ මොහොතකය. ලෝකයේ වඩාත්ම දියුණු බුද්ධි අංශ ක්‍රියාත්මක වන ඇමරිකාවට ද අල්ඛයිඩා ප්‍රහාරය එන තෙක් ඊට පෙර සුදානමක් නොතිබුණි.

ඒ වගේම බටහිර යුරෝපය පුරා කොයිතරම් දියුණු බුද්ධි අංශ තිබුණත් යුරෝපය පුරා වරින් වර එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයන් වළක්වන්නට නොහැකි විය.

එපමණක් නොව අද දියණු ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්විය හැකි අවධානම අනුව වර්ගීකරණය කර ඇත.

IMG 20190430 143517

ඒ අනුව ඕනෑම මොහොතක ඉතා ඉහළ බරපතළ විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්විය හැකි රටවල් ‘තද රතු‘ පැහැයෙන්ද, ඉහළ බරපතළ ත්‍රස්ත්‍ර ප්‍රහාරයන්ට ලක්විය හැකි රටවල් ‘රතු‘ වර්ණයෙන් ද මධ්‍යම ප්‍රමාණයේ රටවල් ගුරු පැහැයෙන් ද අඩු මට්ටමේ රටවල් රෝස වර්ණයෙන් ද, ඉතා අඩු මට්ටමේ රටවල් කහ පාටින්ද අවධානම අඩුම රටවල් ලා නිල් පැහැයෙන් ද වර්ණගන්වා ඇත.

 මේ අනුව ලෝකයේ සෑම රටක්ම කුමන හෝ ප්‍රමානයකින් ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව ඇත. ත්‍රස්තවාදයේ කිසිදු අවධානමක් නැති රටක් ඇත්නම් ඒ ග්‍රීන්ලන්තය වැනි රටවල් අතලොස්සක් පමණි.

ඒ අනුව අද දින තත්ත්වය සැලකුවද එංගලන්තය ඇතුළු යුරෝපයේ බොහෝ රටවල් බරපතළ ත්‍රස්ත ප්‍රහාරයන්ට ලක්විය හැකි අවධානමින් ඉහළ රටවල් ගණයට අයත් වේ.

ලොව සාමකාමී වැඩිම රටවල් පවා අවධානමේ !

ඒ අතර නෙදර්ලන්තය, ඩෙන්මාර්ක්, ස්වීඩන් වැනි රටවල් බරපතල ත්‍රස්ත ප්‍රහාරයන් එල්ල විය හැකි ඉහළ අවධානම් සහගත රටවල් බවට අවධාරණය කර ඇත.

මේ තුළින් අදහස් වෙන්නේ ඒ කිසිදු රටක් හෝ අද අපේ රටේවත් යුද්ධයක් ඇති බව නොව, යුද්ධයකට තල්ලු වී ඇති බවත් නොව ඕනෑම මොහොතක එල්ල විය හැකි ජාත්‍යන්තර ත්‍රස්ත ප්‍රහාරයන් පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටිය යුතු බවයි.

ඒ නිසා මෙම ත්‍රස්ත අවධානමට මුහුණ දීම සඳහා ඒ ඒ රටවල් සමඟ අත්වැල් බැඳගෙන සහයෝගයෙන් යුතුව මෙම ජාත්‍යන්තර ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා කටයුතු කළ යුතුව ඇත.

ඒ අනුව දැන් සිදුකළ යුත්තේ, බරපතළ ත්‍රස්තවාදයට ගොදුරුවිය හැකි රටවල් මෙන්ම ලංකාව ද මේ හරහා යුදමය මානසිකත්වයක් හෝ බලකොටු මානසිකත්වයක් ඇතිකර ගැනීම නොව රටත් ජනතාවත් ආරක්ෂා කරගෙන ඉදිරියට යාම සඳහා අවශ්‍ය අවධානයෙන් යුතුව කටයුතු කිරීමයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න