පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරිම පිළිබඳ සොය බැලීමට පත් පත් කළ විශේෂ පරික්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව අද (08) නීතිපතිවරයාට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
එම වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබද සොයා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්න සහ හිටපු පොලිස්පති ඉලංගකෝන් විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණි.
එම වාර්තාව තවත් සතියක පමණ කාලයකින් පසු ජනතාවට ද විවෘත කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
එහි පළමු අතුරු වාර්තාවක් පසුගිය පළමුවනදා කමිටුව විසින් ජනාධිපතිවරයා හට ලබාදී තිබූ අතර එයද නීතිපති වෙත යොමුකළ බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
