මල්වානේ සෝදිසි මෙහෙයුමට බාධා : ප්‍රචාරය අසත්‍යයක් !

මල්වානේ සෝදිසි මෙහෙයුමට බාධා : ප්‍රචාරය අසත්‍යයක් !

කැළණිය මල්වාන ප්‍රදේශයේ (08) සිදුකළ ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සදහා බාධා එල්ලවු බවට පළවන ප්‍රචාර මුලුමනින්ම සාවද්‍ය බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මල්වාන ප්‍රදේශය මෙන්ම රස්සපාන, උලහිටිවල ගම් ඇතුළු සමස්ථ ප්‍රදේශය ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පරීක්ෂාවට ලක්ව තිබේ.

එපමණක් නොව මුස්ලීම් පල්ලි සහ මද්‍රසා පාසල් ද මෙහිදී පරීක්ෂාවට ලක්ව ඇති අතර ඊට කිසිදු බාධාවක් සිදුව නොමැති බවත් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙහිදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගෙ නිවාසත් ආරක්ෂක අංශ සාමාජිකයන් පරීක්ෂා කර ඇති බවත් වාර්තා වෙයි.

මෙම සෝදිසි මෙහෙයුමේ දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් හී ගනකාධිකාරිවරයකු ලෙස සේවය කරන්නෙකු බවටත් තොරතුරු වාර්තා වෙයි.

වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මේ පුද්ගලයා මල්වාන ප්‍රදේශයේ පදිංචිකරුවකු නොවන අතර ඔහු නැගෙනහිර පළාත් පදිංචිකරුවෙකි. එම පුද්ගලයා මේ ප්‍රදේශයට පැමිණ ඇත්තේ විවාහයෙන් පසුවය.

එසේම මේ වන විටත් හමුදාව සහ පොලිසිය එක්ව සිදුකරන සෝදිසි මෙහෙයුම සිදුවන බවත් එහිදී මාර්ගයේ ගමන් කරන පොදු ප්‍රවාහන සේවා රථ මෙන්ම පෞද්ගලික වාහනද ආරක්ෂක අංශ පරීක්ෂාවට ලක්ව තිබෙන බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න