ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරිමෙන් පසු මුල් අවධියේ දී සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවුවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වා ගෙන යෑම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුවට අවශ්‍ය විය.
සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කල ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවයට ලක් වෙන බව නිරීක්ෂණය වී ඇති හෙයින් මෙමපියවර ගැනීමට කටයුතු කර ඇත.
ඒ අනුව ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසත් මතින් තොර රටක් ගොඩනැඟීම සඳහා වන ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙසත් මෙම තීරණය ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
