සිරිසේනගෙන් හිස්බුල්ලාට නව තනතුරක් !

සිරිසේනගෙන් හිස්බුල්ලාට නව තනතුරක් !

නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා ට නව තනතුරක් ලබාදීමට ජනාධිපති සිරිසේන කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ත්‍රිකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සම්බධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස ජනාධිපති සිරිසේන විසින් ඔහුව පත්කරනු ලැබ තිබේ.

නැගෙනහිර පළාතේ සිදුකරෙන සංවර්ධනය ගැන සොයා බලා ඒවා කඩිනම් කිරිම වෙනුවෙන් මෙම පත්වීම ලබාදී තිබේ.

නව පත්කිරීමත් සමඟ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සම්බන්ධිකරණ කමිටුවේ නව රැස්විම ලබන ජුනි 10 දා ත්‍රිකුණාමල දිසාපති කාර්යාල ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට නියමිතයි.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපතිවරුන් ලෙස වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති එම්.ඒ.එම්.මහරුප් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් දැනට කටයුතු කරති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න