පාස්කු ඉරිදා (21) ප්‍රහාරය සාපරාධි නොසැලකිල්ල (Criminal negligence) මත සිදුවූවක් බවට චෝදනා කරමින් ජනාධිපතිවරයා වෙත ප්‍රතිපුරුෂ වගකීම පැවරීමට (Vicarious Liability) මේවනවිට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනුකර ඇති මානව හිමිකම් නඩුව සදහා ශ්‍රේෂ්ඨාධිකරණ පුර්ණ විනිසුරු මඩුල්ලක් (11) ඉල්ලා සිටීමට නීතිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග සදහන් කරන ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුව එවැනි තීරණයක් ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරය හා ඉන් අනතුරුව මෙරට සිදුවූ බරපතල තත්ත්වය ද සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින් වෙනුවෙන් පාර්ශ්වකරුවන් පස්දෙනෙකු විසින් නීතිපතිවරයා ද වගඋත්තරකරුවකු කරමින් ගොනුකර ඇති මෙම නඩුව ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ කරුණු තහවුරුකර ගැනීමට නියමිතය.
විධායක ජනාධිපතිවරයකු සතුව තිබු පුර්ණ මුක්තිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉවත් කර තිබීම හේතුවෙන් ජනාධිපතිවරයාට එරෙහිව මෙලෙස මානව හිමිකම් නඩු පැවරීමේ අවස්ථාව හිමිව ඇත.

