පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට හිස්බුල්ලා කැදවන්න - හෙක්ටර් අප්පුහාමි

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවට හිස්බුල්ලා කැදවන්න - හෙක්ටර් අප්පුහාමි

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ තේරීම් කාරක සභාව සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා කැඳවන ලෙසට ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කරමින් තමාත් කාවින්ද ජයවර්ධන මන්ත‍්‍රීවරයාත් තේරීම් කාරක සභාවට ලිපියක් යොමු කරන බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවැසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හෙක්ටර් අප්පුහාමි මෙසේද පැවසීය.

‘‘ඒ. එල්. ඒ. එම් හිස්බුල්ලා නැගෙනහිර පලාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරනවා. ආණ්ඩුකාරවරු කියන්නේ ඒ ප‍්‍රදේශය නියෝජනය කරන ජනාධිපතිවරයාග් නියෝජිතයායි. මේ ආණ්ඩුකාරවරු දැන් දේශපාලඥයන් ලෙසම කටයුතු කරනවා.

ඔවුන් අද දේශපාලඥයන් මෙන් අදහස් දක්වනවා. අනික් පැත්තෙන් දේශපාලඥයන්ට පැවරෙන වගකීම් ටිකත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීලා තියෙනවා. දිස්ත‍්‍රික් කමිටුවල සභාපති හැටියටත් මේ ආණ්ඩුකාරවරුන් පත් කරලා තියෙනවා. මේ පත්කිරීම කරලා තියෙන්නේ එතුමන්ට විරුද්ධව විශාල චෝදනාවක් එල්ල වී තිබීයදීයි.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් හිස්බුල්ලා මහතාට යම්කිසි සම්බන්ධතාවයක් තියෙනවද කියලා අපිට ගැටලූවක් තියෙනවා. ඒ නිසා අපි පුන පුනා කියනවා මොහු ගැන පරික්ෂණයක් කරන්න කියලා. ඒ පරික්ෂණ කරනවා වෙනුවට එතුමන් දිස්ත‍්‍රික් කමිටු සභාපතිධුරයකුත් ලබාදීම ගැන අපි කනගාටු වෙනවා.

හිස්බුල්ලා මහතා සහරාන් සමඟ තිබූ සම්බන්ධතාවය, එතුමා මුස්ලිම් අන්තවාදයට දැක්වූ සහයා, ඔහු සතුව තිබෙන අධ්‍යාපන ආයතන, අන්තවාදය හැදෑරීමට ලබාදී ඇති අවස්ථාව සම්බන්ධයෙන් කරුණු විමසන ලෙසත් තේරීම් කාරක සභාවෙන් අපි ඉල්ලා සිටිනවා’’

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න