ටැබ් පරිගණක බෙදීමට : කැබිනට් අනුමැතිය හිමිවේ !

ටැබ් පරිගණක බෙදීමට : කැබිනට් අනුමැතිය හිමිවේ !

පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබාදීමේ අධ්‍යාපන අමාත්‍යාංශ වැඩපිළිවෙළට අද (25) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවැසීය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති වැඩසටහනකදී අද (25දා) ඔහු මේ බව සඳහන් කළේය.

මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ සියලු ජාතික පාසල්වල උසස් පෙළ හදාරන සිසුන්ටත් උසස් පෙළ ඉගැන්වීම් කටයුතු කරන ගුරුවරුන්ටත් ටැබ් පරිගණක ලක්ෂයක් පමණ ලබාදීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එසේම ඉතා ඉක්මනින් පාසල් පද්ධතියට ටැබ් පරිගණක බෙදාහැරීමට සහ ඊට අදාළ පුහුණු කිරීම් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම ටැබ් පරිගණක බෙදීම සම්බන්ධ කරුණ මීට පෙර යම් දූෂිත තත්ත්වයක් පෙන්නුම් කළ අතර පසුව එය නිවැරැදි කෙරිණ.

නමුත් පසුව ජනාධිපති සිරිසේන දිගින් දිගටම මේ ටැබ් පරිගණක බෙදීම වළක්වන්න කටයුතු කල නමුත් මේ වන විට එය අසාර්ථකව ඇති බව පෙන්නුම් කරයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න