බලෙන් ගියේ නෑ - වැඩිම ගියේ 10 යි : ජනාධිපති විදෙස් සංචාර ගැන කියයි !

බලෙන් ගියේ නෑ - වැඩිම ගියේ 10 යි : ජනාධිපති විදෙස් සංචාර ගැන කියයි !

තම විදේශ සංචාර පිළිබඳව වැරදි ප්‍රවෘත්ති පළවෙන බවත් තමන් එක්වූ සෑම විදේශ සංචාරයක්ම සදහා සහභාගී කරගත් වැඩිම කණ්ඩායම 10ක් බව ජනාධිපති සිරිසේන පවසයි.

එසේම තමන් ගිය සෑම විදේශ සංචාරයක්ම තමන්ට ලැබුණ ආරධනා බවත් ජනපති පවසයි.

ජනාධිපති සිරිසේන මේ බව සදහන් කර සිටියේ අද (26) මාධ්‍ය ප්‍රධානීන් කැඳවා පැවති සාකච්ඡාව අතරතුරදී ය.

එහිදී ජනාධිපති සිරිසේන වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

“මගේ විදේශ සංචාර පිළිබඳව වැරදි ප්‍රවෘත්ති පළවෙනවා. මම විදේශ සංචාර යනකොට පසුගිය අවුරුදු 4 හමාරක කාලය තුළ කිසිම අවස්ථාවක 10 දෙනෙකුට වඩා අරගෙන ගිහින් නෑ.

වැඩිම ගණන 10ක්. තජිකිස්ථානයේ සමුළුවට මමත් එක්ක ගියේ ආණ්ඩුකාරවරු දෙන්නෙකුයි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුයි. උදේ කියනවා 50ක නියෝජිත පිරිසක් එනවා කියලා.

සමහර රේඩියෝ පුනපුනා කියනවා. මම දන්නවා හදලා දුන්න තැනත්, ඔහේ කියනවා. අඩුම තරමින් මගේ මාධ්‍ය ඒකකයෙන්වත් අහන්නේ නෑ.

මගේ මුළු නිලකාලය තුළ මම ඉල්ලලා හෝ මගේ පුද්ගලික උවමනාවකට මම ගිහින් නෑ. හැම එකක්ම මට ලැබුණ ආරාධනා. එහේ ගියාම මම ඉන්න හෝටලයත් නිකම් දෙන්නේ.

ජාත්‍යන්තර සමුළුවලට ආරාධනා කළාම ශ්‍රී ලංකාව කියලා නම ගහලා තිබෙනවා. ගියේ නැත්නම් පුටුව හිස්. මම යන හැම සමුළුවකින්ම රටට යමක් ගෙනත් තිබෙනවා.”

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න