වෛද්‍ය සාෆිට එරෙහි නඩුව අද : වීරවංශ CID යට බලපෑම් කරයි !

වෛද්‍ය සාෆිට එරෙහි නඩුව අද : වීරවංශ CID යට බලපෑම් කරයි !

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆිට එරෙහි නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (27) පළමුවරට කැඳවීමට නියමිතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මාධ්‍ය වෙත පවසා ඇත්තේ සාෆි සම්බන්ධයෙන් මේ වනවිට සිදු කර ඇති පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

වෛද්‍යවරයා සම්බන්ධයෙන් දැනට ලබාගෙන ඇති එක් එක් ප්‍රකාශවල සාරාංශය බැගින් ද එම වාර්තාවට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත.

අද දිනයේ වැඩි වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ වෛද්‍යවරයා විසින් සිදු කරන ලද බවට පැමිණිලි කර ඇති වන්ද්‍යකරණ සැත්කම්වලට අදාළ පැමිණිලි සම්බන්ධයෙන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

වෛද්‍ය සාෆි මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටියි. මෙසේ තමා අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටීම නීති විරෝධි බව පවසමින් වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් ඉකුත්දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනු කරනු ලැබිය.

'රහස් පොලිසිය අපරාධකාරයන් සුද්ද කරන ගුබ්බෑයමක්' – විමල්

මේ අතර අද දිනයේ පැවැත්වෙන නඩු විභාගය ඉලක්ක කර ගනිමින්, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසන්නේ, වෛද්‍ය සාෆිට එරෙහිව සිදු කරන විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවයි.

සිංහල කාන්තාවන් වඳ කළ බවට චෝදනා ලැබ සිටින වෛද්‍ය ෂාෆී නිදොස් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරින් කටයුතු කරමින් සිටින බවට ඔහු චෝදනා කරයි.

රහස් පොලිසිය අපරාධකාරයින් ආරක්ෂා කරන තිප්පොළක් බවට පත් වී ඇති බවට ඔහු චෝදනාව එල්ල කළේ ඊයේ (26) පැවැති ජාතික නිදහස් පෙරමුණු මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මෙවැනි දේශපාලනඥයින් හා ඇතැම් අන්තවාදී මාධ්‍යවල බලපෑම් හමුවේ නිර්දෝෂී බවට තහවුරු කරගෙන සිටින සැකකර රැඳවියන්ට බලවත් අසාධාරණය සිදුව ඇති බවත්, එවැනි තර්ජනයන්ට බියෙන් පොලිසිය, නිර්දෝෂී බවට හඳුනාගෙන ඇති පුද්ගලයින්ට පවා ඇප ලබා දීම අධිකරණය හමුවේ ප්‍රතික්ෂේප කරමින් සිටින බවත් වාර්තාවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න