දිවයින පත්තරේ ගඳ වැඩක් නිසා : රෝගීන්ට නොමිලේ ලැබුණු ආහාර වේල නවතී !

දිවයින පත්තරේ ගඳ වැඩක් නිසා : රෝගීන්ට නොමිලේ ලැබුණු ආහාර වේල නවතී !

දුරබැහැර ප්‍රදේශවල සිට කොළඹ ජාතික රෝහල, කලුබෝවිල ශික්ෂණ රෝහල හා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් හා වෙනත් සේවා ලබාගැනීමට පැමිණෙන අසරණ ජනතාව වෙත නොමිලයේ ආහාර ලබාදීමට කටයුතු කළ ජනපෝෂ පදනම තම සමාජ සද්කාරය නවතා දැමීමට තීරණය කර තිබේ.

පසුගිය 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි මෙම කටයුතු අවසන් කිරිමට ඔවුන් කටයුතු කර තිබේ.

ජනපෝෂ පදනම මුලින්ම කෝළඹ ජාතික රෝහලින් මෙම සද්කාරය ආරම්භ කරනු ලැබූ අතර පසුව එය කලුබෝවිල ශික්ෂණ රෝහල හා මහරගම අපේක්ෂා රෝහල දක්වා ව්‍යාප්ත කළේය.

තම පදනම වසරකට අසරණ ජනතාව ලක්ෂ පහකට පමණ තම කුසගින්න නිවා ගැනීමට උපකාර කර ඇති බවත් එහිදී ජාතිය හෝ ආගම පිළිබඳව නොසැලකූ බවත් ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තවදුරටත් ශ්‍රී ලංකාවේ අසරණ ජනතාව වෙනුවෙන් සේවය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කරන ජනපෝෂ පදනම පවතින වාතාවරණය යටතේ මෙම තීරණය ගැනීමට සිදුවූ බව සදහන් කරයි.

තම සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලමින් මෙම තීරණය ගත් බවත් පදනම වැඩිදුරටත් සඳහන් කරයි.

දිවයින පත්තරේ වඳ වැඩක් !

ජනපෝෂ පදනම විසින් රෝගී ජනතාවට නොමිලේ ලබාදෙන මේ ආහාර වලට වඳ පෙති දමා ඇති බවට අතේ රෝල් පුවතක් පසුගියදා පළකර සිටියේ දිවයින පුවත්පතය.

කිසිඳු සොයා බැලීමකින් තොරව ජාතිවාදය වැපිරීමේ අරමුණින් මේ පුවත නිර්මාණය කර තිබිණ.

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න