ගෝඨා හිරවෙයි : කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට තවත් පැමිණිලි 10ක් !

ගෝඨා හිරවෙයි : කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට තවත් පැමිණිලි 10ක් !

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මධ්‍යම දිස්ත්‍රික් අධිකරණයට ඊයේ(26) දින පැමිණිලි 10ක් ඉදිරිපත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජාත්‍යන්තර සත්‍ය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපාරය නම් සංවිධානයක සහය ඇතිව මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙකු බැවින් ඇමරිකානු අධිකරණයක මෙම පැමිණිලි ගොනු කිරීමට කටයුතු කළ බව පැමිණිලිකරුවන් සඳහන් කර ඇත.

2005-2015 කාලසීමාව ශ්‍රී ලංකාවේ සිදුවූ සිදුවීම් කිහිපයක් සම්බන්ධව එවකට ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව පැමිණිලි ගොනුකර ඇත.

පසුගිය අප්‍රේල් මාසයේ ද ඇමරිකානු අධිකරණයක ගෝඨාභය රාජපක්ෂ ට එරෙහිව තිදෙනෙකු පැමිණිලි ගොනුකළ අතර ඒ අතර රාජපක්ෂ පාලන සමයේ ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙනුවෙන් ඔහුගේ දියණිය ගොනුකළ නඩුවක්ද වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න