ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය : ශ්‍රීලනිප තීන්දුව මෙන්න  

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය : ශ්‍රීලනිප තීන්දුව මෙන්න   

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා එම පක්ෂ මූලස්ථානයේදී අද (11) මාධ්‍ය හමුවක් අමතමින් පවසා තිබේ.

මෙම ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ තීරණය ගෙන ඇත්තේ පසුගිය 09 වනදා රාත්‍රියේ වන අතර ඒ බව අමරවීර මන්ත්‍රීවරයා ඊයේ (10) බීබීසී මාධ්‍යට ද අනාවරණය කර තිබිණ.

ඒකාබද්ධයත් පක්ෂයි !

එසේම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාද පසුගියදා සඳහන් කර තිබුණේ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහය දීමට අපේක්ෂා කරන බවය.

වත්මන් ආණ්ඩුව පළමු මොහොතේම ගෙදර යැවිය යුතු බැවින් එම තීන්දුව ගන්නා බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබිණ.

දේශපාලන පෙරළියක් !

කෙසේ වුවත් අමාත්‍ය මනෝ ගනේෂන් අද සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ අද සවස දේශපාලන සිදුවීමක් විය හැකි බවය.

ඒ කුමක්ද කෙසේද යන්න සම්බන්ධව වැඩි විස්තරයක් එහි සඳහන්ව නොතිබුණත් මාධ්‍ය මෙන්ම දේශපාලනය කෙරෙහි උනන්දුවක් දක්වන බොහෝ දෙනෙකුගේ අවධානය මේ වෙත යොමුව ඇත.

විශ්වාසභංග සියල්ල ජයගත් ආණ්ඩුවක් !

මේ වන විට එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් අවස්ථා කිහිපයකම විශ්වාසභංග යෝජනා ගෙනවිත් තිබුණත් ඒ සියල්ල ජයග්‍රහණය කිරීමේ අවස්ථාව ආණ්ඩුවට හිමිවිය.

එසේම පසුගිය වසරේ ඔක්තෝබර් 26 වනදා ජනාධිපති සිරිසේන විසින් ව්‍යවස්ථා විරෝධී ආකාරයට දියත්කල දේශපාලන කුමන්ත්‍රණය අවස්ථාවේ පාර්ලිමේන්තු බහුතරයක් සම්බන්ධව මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය පල කිරීම හරහා බලය යළිත් අත්පත් කරගැනීමේ අවස්ථාවද ආණ්ඩුවට හිමිවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න