බුද්ධි නිලධාරීන්ට : නියෝජ්‍ය කතානායකගෙන් සහතිකයක් !

බුද්ධි නිලධාරීන්ට : නියෝජ්‍ය කතානායකගෙන් සහතිකයක් !

"එන කමිටු රැස්වීම්වලදී අපි ගේන්න බලාපොරොත්තු වන නිළධාරී මහත්වරු එතන කිහිප දෙනෙක් ඉන්නවා මොනම හේතුවක් නිසාවත් ඒ අය නිරාවරණය කල නොහැකි අය ඒයට වෙනම කතා කරල මම විශේෂයෙන්ම පෞද්ගලිකව සහතිකයක් දීල තියනවා මොනම හේතුවකටවත් එතුමන්ලා අඩුගානේ ශාලාවට එන විටවත් පින්තූරයක් ගන්න මම ඉඩ දෙන්නේ නැහැ" යයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි අවධාරණය කරයි.

නියෝජ්‍ය කතානායක වරයා මෙම අදහස් පල කර සිටියේ සෙවනගල මහා විද්‍යාලයයීය ශ්‍රවණාගාරයේදී පැවැති සමෘද්ධි හිමිකම් පත් ප්‍රධාන උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙතට අදහස් දක්වමිනි.

සෙවනගල කොට්ඨාශයේ 553 දෙදෙනෙකු සදහා සමෘද්ධි හිමිකම් නියෝජ්‍ය කතානායක වරයා අතින් පිරිනැමීම සිදුකෙරිණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායකවරයා මෙසේද සදහන් කර තිබේ.

අපි රට ගැන කතාකරන රටට ආදරේ කරන අය. මේ නිළධාරී මහත්වරු කරන කාර්යභාරය පහැදිලිව තේරුම් අරන් ඉන්නවා.එය අපි අගේ කරනවා.ඒ වගේම එතුමන්ලාට මේ රටේ ආරක්ෂාව වෙනුවෙන් කල යුතු කාර්යභාරය වෙනුවෙන් ඒ සදහා බාධා කරන්න මම මොනම හේතුවකටවත් ඉඩ තියන්නේ නැහැ.

කමිටුවේ හැටියට අපි සියලුම සාමාජිකයෝ මන්ත්‍රීවරු තීරණය කරල තියනවා මොනම හේතුවක් නිසාවත් මේ කමිටුවේ ක්‍රියාකාරිත්වය නිසා කිසිම බුද්ධි අංශ නිළධාරී මහත්මයෙකුට අවහිරයක් හෝ හානියක් හෝ ර් අය හදුනා ගැනීමක් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියල.අපි ඒ කමිටුව ක්‍රියාකරගෙන යන කොට අපි ඒ කමිටුවට මුලින්ම කියන්නේ රටේ ආරක්ෂාව පිළිබදව මොනව හරි ගැටලුවක් තියනවනම් ඒ ගැටලුව තියන වෙලාවේදී ඒ අය ඉල්ලීමක් කරන්න අපි සියලු මාධ්‍ය අයින් කරල ඒ අයගෙන් ශාක්ෂි විමසන්න ලෑස්තියි කියල.

අපි එතුමාලටත් පෞද්ගලිකව කියල තියනවා.අවසාන වශයෙන් පාර්ලිමේන්තු ලිපියකින් යැව්වා ඒ අයට කිසිදු අයුරකින් හානියක් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියල.මේක කමිටුවේ සියලු නිළධාරී මහත්වරු තීරණය කරල තියන කාරණයක්.කවුරු හරි කියනව නම් මේ අයට ප්‍රශ්නයක් වෙනව කියල අපි එහෙම වෙන්න ඉඩ තියන්නේ නැහැ.අපි අනෙක් හැම එක්කෙනාම වගේ රටට ආදරෙයි.

විවිධ දේවල් විවිධ අය කියනවා.හැබැයි මගෙන් ඇහුවොත් හරි උත්තරයක් දෙන්න පුලුවන් මොකද කමිටුව නි‍යෝජනය කරන මෙන්ම සභාපති ධූරය දරන්නේ මම.විවිධ කාරණ පත්තරවල කටකතාවල විවිධ පුද්ගලයන් කිව්වට ඒවට උත්තර දෙන්න මට අවශ්‍යතාවයක් නැහැ.අපි කරන්න ඕන මොකද්ද කරන්නේ මොකද්ද කියන එක ගැන තේරුම් අරගෙන තමයි කතානායක තුමා පත් කරපු කමියුවේ අපි වැඩ කරන්නේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න