පොහොට්ටුව පක්ෂ 10ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි : ශ්‍රිලනිපය හැලෙයි !

පොහොට්ටුව පක්ෂ 10ක් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කරයි : ශ්‍රිලනිපය හැලෙයි !

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ ඇතුළු දේශපාලන පක්‍ෂ 10ක් සමගින් අවබෝධතා ගිවිසුම් අත්සන් තැබීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අගෝස්තු 11 වැනිදා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ජනාධිපති අපේක්‍ෂකයා නම් කිරීමට පෙරාතුව මෙම ගිවිසුම් අත්මන් කිරීමේ කටයුතු සිදු කිරීමට නියමිතය.

එහෙත් නව සන්ධානයක් වෙනුවෙන් ශ්‍රිලනිප ය සමග සිදුකළ සාකච්ඡා මෙතෙක් සාර්ථක නොවීම සහ ශ්‍රිලනිප කොන්දේසිවලට යටත් වීමට අනවශ්‍ය බවට පොහොට්ටු පාර්ශවයේ නැගී ඇති විරෝධය හේතුවෙන් ඒ සමග සන්ධාන ගතවීමක් හෝ නොවීමක් පිළිබඳ මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධව කළ අදහස් විමසීමකදී පොහොට්ටු පාර්ශවයේ ප්‍රබලයකු සදහන් කර සිටියේ තම පාර්ශවයේ කොන්දේසි පිළිගැනීමට ශ්‍රිලනිප ය සූදානම් නම් ඒ සදහා ඉඩ ප්‍රස්ථා තබා අනෙක් පක්ෂ සමග අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමට පක්ෂය තීරණය කළ බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න