Language Switcher

V2025

කළුතර ජනාධිපති ලෙඩක් : සිංහල රාවය විසුරවයි !

කළුතර දිස්ත්‍රික්කයෙන් මීළඟ ජනාධිපතිවරයා බිහි කිරීමට හැකියාව ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින් සිදු කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් සිංහල රාවය සංවිධානයේ ගැටලුකාරී තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කියා සිටියේ සිංහල රාවය සංවිධානය විසුරුවා හැර ඇති බවයි.

මාගල්කන්දේ සුදත්ත හිමියන් සිංහල රාවය සංවිධානයේ ලේකම් ලෙස කටයුතු කරන ලදී.

පසුගියදා ඇමති රාජිත සේනාරත්නගේ සංවිධාන දායකත්වයෙන් යුතු දානමය කටයුත්තකට සහභාගී වී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සුදත්ත හිමියන් කියා සිටියේ කළුතර දිස්ත්‍රික්කයෙන් මීලග ජනාධිපතිවරයා බිහිකිරීමට හැකියාවක් ඇති බවයි.