මහින්දගෙන් සිරිසේනගේ කොන්දට ටොක්කක් !

මහින්දගෙන් සිරිසේනගේ කොන්දට ටොක්කක් !

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් විසින් පොදුවේ සිදු කරන ලද ප්‍රකාශයක් ගැන කිසිවකු තොප්පිය තමන්ගේ හිසේ දා ගැනීමත් සිදු නොකළ යුතු යැයි මහින්ද රාජපක්ෂ විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

අගරදගුරු තුමන් විසින් එම ප්‍රකාශය රටේ නායකයන් ගැන සඳහන් කළේ කිසිදු නමක් ගමක් සඳහන් නො කරමින් බව ද එවන් අවස්ථාවක එතුමන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමෙන් සිදුවන්නේ තොප්පිය තමන්ම දාගෙන බවද ඔහු පැවසීය.

රටේ ආගමික නායකයෙකු ලෙස අගරදගුරුතුමන් පොදුවේ නායකයන්ට කළ ප්‍රකාශය ගැන කිසිවකු එතුමන් වෙත ප්‍රතිචාර දැක්වීම සුදුසු නැතැයි ද පවසන රාජපක්ෂ විපක්ෂ නායකවරයා දේශපාලන නායකයන් කළ යුත්තේ ආගමික නායකයන්ගේ උපදෙස් අනුශාසනා වලට අවධානය යොමු කිරීම බවද වැඩිදුරටත් කියා සිටියේය.

අගරදගුරු මැල්කම් රංජිත් විසින් පාලකයන් ගේ කොන්ද සම්බන්ධව සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා සිටියේ ජනාධිපති සිරිසේන විසින්ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න