මාතර මහනගර සභාව ට අයත් කුමාරතුංග මුනිදාස මහජන පුස්තකාලය ට රුපියල් ලක්ෂ පහක මුදලක් සොයාගැනීම ට යැයි සදහන් කරමින් “නදුන් උයන”නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.
2019 අයවැයෙන් මාතර මහජන පුස්තකාලයේ සංවර්ධන කටයුතු සදහා රුපියල් ලක්ෂ විසිපහක මුදලක් වෙන්කර තිබියදී රුපියල් ලක්ෂ පහක් සොයාගැනීම සදහා සංගීත ප්‍රසංගයක් සංවිධානය කරන්නේ කවර හේතුවක් මත කාගේ උවමනාව කට ද…?
මාතර මහනගර සභාවේ පුරපති රංජිත් යසරත්න මහතාය. මාතර කුමරතුංග මහජන පුස්තකාලයේ කණිෂ්ඨ පුස්තකාල නිළධාරීවරිය වශයෙන් කටයුතු කරන්නේ ඔහුගේ වැඩිමහල් දියණියයි.
නදුන් උයනේ සල්ලි කඩන්නේ මේ දෙදෙනාය.මාතර මහනගර සභාවේ ප්‍රධාන ආදායම් නිළධාරී යා වන්නේ නාගරික කොමසාරිස්වරයා ය.අදාල නිළධාරී වරයා හෝ වරියගේ අනුමැතියෙන් තොරව මේ ප්‍රසංගය සංවිධානය කර තිබේ.නදුන් උයන ප්‍රසංගය පැවැත්වීම සදහා මාතර මහනගර සභාවේ මුදල් කමිටුව විසිනි තීරණය කර නැති අතර එහි අනුමැතිය ද හිමිවී නැත. ප්‍රසංගය වෙනුවෙන් මාතර නගර ය පුරා පුර්ව ප්‍රචාරක පුවරු සවිකර තිබේ. ඒ වෙනුවෙන් ප්‍රදර්ශන ගාස්තුවක් අයකර නැත .ගාස්තු අයකිරීමෙන් නිදහස් කර ඇත්තේ කවර නීතියක් ප්‍රකාරව දැයි පැහැදිලි නැත. නදුන් උයන ප්‍රසංගය වෙනුවෙන් මාස දෙකක් තිස්සේ රුපියල් 500,1000,2000,5000 දක්වා වූ මිළ ගණන වලට ප්‍රවේශ පත් අලෙවි කිරීම ආරම්භ කර තිබිණ.
ඒවා අලෙවියෙන් ලැබෙන මුදල් කාගේ ගිණුමකට බැරවනවා දැයි පැහැදිලි නැත.එසේම අදාල ප්‍රවේශ පත්‍ර ගාස්තු තීරණය කලේ කවර නිළධාරීයෙකු දැයි නාගරික මන්ත්‍රී වරුන් පවා නොදනී. ප්‍රසංගය වෙනුවෙන් සමරුකළඹ ක් නිර්මාණ ය කිරීම සදහා එහි පිටු අලෙවි කිරීමක් ද සිදුවේ එහි දැන්වීම් ගාස්තු තීරණය කර ඇත්තේ කවර නිළධාරීයෙකු විසින් දැයි පැහැදිලි නැත.
එසේම එයින් ලැබෙන මුදල් කවර ගිනුමක තැන්පත් කරනවාද යන්න පැහැදිලි නැත. ඒ අනුව මේ ප්‍රසංගය මහජන මුදල් කොල්ල කෑම සදහා මාතර පුරපති සහ ඔහුගේ දියණිය ඇතුලු කණ්ඩායමක් විසින් සැලසුම් කළ එකකි.පුදුමය ට කාරණය නම්” නදුන් උයන “පෙන්නා මහජන මුදල් කොල්ලයක නිරතවන මාතර පුරපති සහ සමාගමේ මේ දූෂිත ක්‍රියාව, මාතර මහනගර සභා නාගරික කොමසාරිස් ,පළාත් පාලන කොමසාරිස් ඇතුලු නිළධාරීන් නොදැක්කා සේ සිටීමය.
ඊටත් වඩා පුදුමය නම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පුරපතිගේ මනදොළ පිරේවා යැයි මේ දූෂිත ක්‍රියාවට ඉඩහැරීමය. ඊටත් වඩා පුදුමය නම්, මාතර මහනගර සභාවේ විපක්ෂ නායක උපුල් නිශාන්ත ,ජවිපෙ නාගරික මන්ත්‍රීරයා ඇතුලු විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම ද, මේ දූෂිත “නදුන් උයනේ” මල් පිපේවායී ඇස් වසාගෙන සිටීමය.
මාතර ? .com

