දේශපාලන සිරකරුවන් නිදහස් කරනු : උතුරේ විරෝධතා !

දේශපාලන සිරකරුවන් නිදහස් කරනු : උතුරේ විරෝධතා !

යුද සමයේදී අතුරුදහන් වූවන් සොයාදෙන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇති අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.

වවුනියාව තැපල් කාර්යාල ඉදිරිපිට මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර යුද්ධය අවසන් වී වසර 10ක් ගත වී ඇතත් දේශපාලන සිරකරුවන් වෙනුවෙන් විසඳුමක් ලබා දීමට රජයන් අපොහොසත් වීම හේතුවෙන් වහාම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා සිටියහ.

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් විසඳුම් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අදට (24) දින 885 ක් ගෙවුණද මෙතෙක් විසඳුමක් නොලැබීම හේතුවෙන් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරය හෝ මැදිහත් වී දේශපාලන සිරකරුවන් හා අතුරුදහන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ලබා දෙන ලෙසට විරෝධතා කරුවන් වැඩි දුරටත් ඉල්ලා සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න