ඓතිහාසික සන්ධානය : නායක රනිල් - ලේකම් රාජිත - ජාතික සංවිධායක රවී !

ඓතිහාසික සන්ධානය : නායක රනිල් - ලේකම් රාජිත - ජාතික සංවිධායක රවී !

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ' නමින් ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනගන නව සන්ධානයේ නායකත්වය අගමැති රනිල් වික්‍රමසිංහ වෙත ලබාදීමට නියමිත බව එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

එසේම, මෙම සන්ධානය ගොඩනැගීමට නිල දේශපාලන පක්ෂය සොයා ගනිමින් විශාල කාර්යභාරයක් ඉටුකළ අමාත්‍ය රාජිත සේනාරත්නට ලේකම් ධුරය ලබාදිය යුතු බවටත්, ජාතික සංවිධායක ධුරයට රවී කරුණානායක, චම්පික රණවක අමාත්‍යවරුන් දෙදෙනාගෙන් අයකු හෝ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පත්කළ යුතු බවටත් එජාප නායකයා වෙත යෝජනා ඉදිරිපත්ව ඇතැයි ද එම ආරංචිමාර්ග කියා සිටියි.

නව සන්ධානයේ සභාපති ධුරය සහ උප සභාපති ධුර හා උප ලේකම් ධුර බහුතරය එජාපය වෙතත් අනෙකුත් පක්ෂ නායකයින්ට ද එවැනි තනතුරු ලබාදීමටත් මේවනවිට සාකච්ජාවට ලක්ව ඇත.

මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් දැනට පිළිගෙන ඇති ලියාපදිංචි දේශපාලන පක්ෂයක ව්‍යවස්ථාව සංශෝධනය කරමින් මෙම අලුත් දේශපාලන පක්ෂය ස්ථාපිත කිරීමට නියමිතව ඇති අතර එහිදී අදාළ දේශපාලන පක්ෂයේ අයිතිකරුට නව සන්ධානයේ ප්‍රධාන තනතුරක් හා ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබාදීමට එජාප නායකත්වය එකඟතාව පළකර ඇතැයි ද පැවසේ.

අගමැති රනිල් වික්‍රමසිංහගේ ආශීර්වාදය යටතේ නව පෙරමුණට අදාල එවැනි නිල කටයුතු සම්බන්ධිකරණය සිදුකර ඇත්තේ රාජිත සේනාරත්න හා රවී කරුණානායක යන අමාත්‍යවරුන් දෙදෙනාය.

(මූලාශ්‍ර - ද ලීඩර් )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න