මහනුවර ඇසල පෙරහැර : අගමැතිගේ විශේෂ අවදානය !

මහනුවර ඇසල පෙරහැර : අගමැතිගේ විශේෂ අවදානය !

ජාතියේ අසිරිමත් සංස්කෘතික මංගල්‍යය සේ සැලකෙන මහනුවර ඇසල පෙරහැර සදහා පූර්ණ ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, ඒ සදහා අදාළ සියලූ පාර්ශවයන් සාමූහිකව කටයුතු කළ යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඒ අදහස් පළ කළේ මහනුවර ඇසල පෙරහැර සදහා ආරක්ෂාව පූර්ණ ලෙස තහවුරු කිරීම සම්බන්ධයෙන් මහනුවර කෞතුකාගාර ශ්‍රවණාගාරයේ දී ඊයේ (25) පැවැත්වුණු විශේෂ සාකච්ඡාවේදී ය.

මෙම අවස්ථාවට අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ඥානරතන මහනාහිමි, මල්වතු පාර්ශ්වයේ අනුනායක දිවුල්කුඹුරේ විමලධම්ම, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සි, අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ආචාර්ය මුරුද්දෙනියේ ධම්මරතන, දළඳා මාළිගාවේ තේවාව බාර පූජ්‍ය තිබ්බටුවාවේ මේධංකර යන නාහිමිවරු සහ දළඳා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර, සතර මහා දේවාල බස්නායක නිලමේවරු, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුලූ රාජ්‍ය නිලධාරීහු සහභාගී වූහ.

මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මෙහිදී පෙන්වා දුන්නේ පූර්ව ආරක්ෂක වැඩ සැලැස්ම සියලූ බුද්ධි අංශ ඒකාබද්ධව සිදු කරමින් පවතින බවය.

පෙරහැර සමයේ සහ පෙරහැර නිමවීමෙන් පසුව මහ ජනතාවටත්, නගරයටත් පූර්ණ ආරක්ෂාව සහතික කෙරෙන බව ද ඔහු අවධාරණය කළේය.

පොදු ප්‍රවාහන සේවා, සෞඛ්‍ය හා අනෙකුත් පහසුකම් ආදිය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැණිනි.

එම සාකච්ඡාවට පෙරාතුව ශ්‍රී දළදා මාලිගාව වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත් සදහා ද සහභාගි විය.

මල්වතු මහා විහාරයට පැමිණ, මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමි බැහැදුටු වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඇසල පෙරහැර ආරක්ෂක තත්වය පිළිබඳ උන්වහන්සේ සමග ද සාකච්ඡා කළේය. බෞද්ධාගමික පෙරහැර සදහා අලි ඇතුන් සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලූ පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.

අමාත්‍ය මලික් සමරවික්‍රම, ආරක්ෂක හා ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මේ අවස්ථාවන්ට එක්වූහ.

malwathu

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න