අපේක්ෂකත්වයට සූදානම් වන්න : ජී.එල් සහ දිනේෂ්ට මහින්ද දන්වයි !

අපේක්ෂකත්වයට සූදානම් වන්න : ජී.එල් සහ දිනේෂ්ට මහින්ද දන්වයි !

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, මේවනවිට රාජපක්ෂ කඳවුරේ ආකර්ශනීය නායකයා ලෙස ඉස්මතුවෙමින් සිටිය දී ඒකාබද්ධයේ නායකයකු වන දිනේෂ් ගුණවර්ධනට ද ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ විසින් දැනුම් දී තිබීම ගෝඨාවාදීන්ගේ නොසතුටට හේතුවී ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු දේශපාලන ආරංචිමාර්ග වලින් 'ද ලීඩර්' වෙත වාර්තාවේ.

එසේම, මහාචාර්ය ජී.එල්. පිරිස්ට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීමට සුදානම් වන්නැයි බැසිල් රාජපක්ෂ විසින් දැනුම්දීමක් කර ඇතැයි ද ඉහත ආරංචිමාර්ග පවසයි.

මෙසේ විකල්ප අපේක්ෂකයින් පිළිබඳව අවධානයක් යොමුව ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පවතින නඩු හේතුවෙන් ඔහුගේ අපේක්ෂකත්වයට යම් බාධාවක් එල්ලවිය හැකි බවට පවතින සැකයයි.

ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධයෙන් වන නඩුව එළඹෙන සිකුරාදා එනම් 26 වන දින සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතය.

කෙසේවෙතත් එම අධිකරණයට එකී නඩුව විභාගයට ගැනීමට බලයක් නැති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගෝඨාභය රාජපක්ෂ විසින් අභියාචනාවක් ඉදිරිපත් කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියේ ඔහුට වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා විදෙස්ගතව සිටීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දී තිබූ කාලය අදින් අවසන් වන පසුබිමකය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න