සුසිල් එළියට දැම්මේ : ශ්‍රීලනිප මුට්ටිය ?

සුසිල් එළියට දැම්මේ : ශ්‍රීලනිප මුට්ටිය ?

ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇත්තේ විකල්ප දෙකක් පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ කඩුවෙල ඊයේ (28) පැවති ජන හමුවකදී අදහස් දක්වමින්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණට එක්වීම හෝ නැතිනම් එක්සත් ජාතික පක්ෂයට එක්වීම සිදු කර යුතු බවත් පක්ෂ නායකයින් එකතු නොවුනද පහළින් සිටින පිරිස් මේ වන විටත් එකතු වී ඇති බවත් ඒ මහතා පැවසීය.

අවශ්‍යව ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැති කොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කොට ජයග්‍රහණය කරවා ජනතා මතයත් සමඟ රටේ ඉදිරි ගමන් මඟ යහපත්ව ගෙනයාම බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න